ජනවාරි 11, 2025
tami eng youtube  twitter facebook

    පාසල් දරුවන් වෙනුවෙන් ගී රස වින්දන

    ජූලි 08, 2015
    අද බොහෝ වේලාවට අපේ රටේ දකින්න ලැබෙන්නේ කන පිනවන ගීත හදනවාට වඩා කකුල් දෙක පිනවන ගීතයි. හැමදෙනාම කියන්නේ පුතේ ඉංජිනේරුවෙක්, නීතිඥයෙක්, දොස්තර කෙනෙකු වෙන්න කියලයි. අපේ දෙමාපියන් කීයෙන් කී දෙනා ද කියන්නේ පුතේ හොඳ ගුණ යහපත් මනුෂ්‍යයකු වෙන්න යැයි හිටපු ජනමාධ්‍ය අමාත්‍යවරයා පැවසීය.
     
    අද බොහෝ වෙලාවට අපේ රටේ දකින්න ලැබෙන්නේ කන පිනවන ගීත හදනවාට වඩා කකුල් දෙක පිනවන ගීත හදන 
     
    එකයි. ඒ නිසයි සමහර ගීතවලින් අපට උසස් රස වින්දනය පිළිබඳ ව ප‍්‍රශ්නයක් මතු වෙන්නේ. ගීතයක් රසවිඳින විදිහක් තියෙනවා. ගීතයකින් ඉස්සෙල්ලාම කරන්නේ කන පිනවන එක. කන පිනවනවා විතරක් නෙවෙයි, එය හදවතට දැනෙන ගීතයක් වෙන්න ඕනෑ. ඒක විනෝදය ගෙන දෙන එකක් වෙන්න පුළුවන්. සංවේගය දනවන එකක් වෙන්න පුළුවන්. කුමන ගීතයක් වුණත් කන පිනවනවා වගේම හදවත කම්පනයට පත් කරවනවා නම් එම ගීතය හොඳට දැනෙනවා යැයි ඔහු කීය.
     
    දරුවන්ගේ දැනුම ආකල්ප කුසලතා වර්ධනය කරන්න පුළුවන් තැන පාසලයි. පාසලේ ඉන්න කාලය තුළ අංග සම්පූර්ණ පුරවැසියකු බිහිකිරීමට අප කටයුතු කළ යුතුයි. පොතපතේ දැනුමෙන්පමණක් හොඳ පුරවැසියකු බිහිකරන්න බැහැ. අද දෙමාපියන් දරුවන්ට කියන්නේ පුතේ හොඳ දොස්තර කෙනෙකු වෙන්න කියලා. පුතේ ඉංජිනේරුවෙක් වෙන්න එහෙම 
     
    නැතිනම් නීතිඥයෙක් වෙන්න කියලයි. කීයෙන් කී දෙනයිද දෙමාපියන් කියන්නේ පුතේ හොඳ ගුණ යහපත් මනුෂ්‍යයකු වෙන්න බලන්න කියලා. මේ දෙකම එකට ගියොත් තමයි අංග සම්පූර්ණ දරුවකු බිහිවන්නේ යැයි ද අමාත්‍යවරයා සඳහන් කළේය.
     
    මෙම අදහස් පළ කර සිටියේ ජනමාධ්‍ය ඇමති ගයන්ත කරුණාතිලක මහතා විසිනි.ඒ ගාල්ල  ඕපාත මහ විදුහලින් ආරම්භ කළ මෙරට ගී රස වින්දන වැඩසටහනේ සමාරම්භක උත්සවය අමතමිනි.
     
    ඔහු මේ බව පැවසුවේ, ගාල්ල  ඕපාත විදුහලේ පසුගියදා පැවති ගී රසවින්දන වැඩසටහනට එක්වෙමිනි. සිසු දරු දැරියෝ, දෙමාපියෝ හා  ගුරු මණ්ඩලය මෙම අවස්ථාවට එක්ව සිටි අතර ශ‍්‍රී ලංකා ගුවන්විදුලියේ ප‍්‍රවීණයන්ගෙන් ගී රස වින්දනය රසවත් වූහ.
     
    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya