ජනවාරි 11, 2025
tami eng youtube  twitter facebook

    2015 - රාජ්‍ය සාහිත්‍ය උත්සව දේශන හෙට

    සැප්තැම්බර් 06, 2015
    2015 රාජ්‍ය සාහිත්‍ය සම්මාන ප්‍රදානෝත්සවය නිමිත්තෙන් සංවිධානය කෙරෙන රාජ්‍ය සාහිත්‍ය උත්සව දේශන හෙට (07) පස්වරු 3 .00 ට කොළඹ නිදහස් මාවතේ ශ්‍රී ලංකා පදනම් ආයතන ශ්‍රවණාගාරයේ දී පැවැත්වේ. 
     
    සේවාර්ජිත මහාචාර්ය ජේ.බී. දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම උළෙලෙහි දී “නවීකරණය වන සමාජයේ සාහිත්‍යකරුවාගේ කාර්යභාරය” මැයෙන් පේරාදෙනිය විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා අධ්‍යයනාංශයේ  මහාචාර්ය දයා අමරසේකර  මහතා දෙසුමක් පවත්වනු ඇත.  
     
    “පුරාණ  නාඩගමේ අද්‍යතන ස්වරූපය” මැයෙන් ප්‍රාසංගික සනිදර්ශන දේශනය පවත්වනු ලබන්නේ  ප්‍රවීණ රංගන ශිල්පී නිශ්ශංක දිද්දෙනිය මහතා විසිනි. 
     
    අදාළ දේශනවල මුද්‍රිත පිටපත් එදින සහභාගිවන්නන් හට නොමිලේ  ලබාදීමට ද කටයුතු යොදා ඇත.  රාජ්‍ය සාහිත්‍ය අනු මණ්ඩලය, ශ්‍රී ලංකා කලා මණ්ඩලය හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව එක්ව මේ උළෙල සංවිධානය කරයි.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya