ජනවාරි 11, 2025
tami eng youtube  twitter facebook

    ළමා හා වැඩිහිටි දිනය සැමරීම සඳහා තරගාවලියක්

    සැප්තැම්බර් 07, 2015

    වයස අවු. 10-18 කාණ්ඩයේ දරුවන් අතර (කණ්ඩායම් හා කේවල) තරගාවලියක් සහ දරුවන්ගේ ප්‍රගතිය හා සුබසාධනය දෙසට අර්ථවත් සේවාවක් ඉටු කළ පාසැල් හා පෙර පාසල් ගුරුවරුන්, විද්යුත් හා මුද්‍රිත මාධ්යවේදීන් ඇගයීමට උපහාර උළෙලක් ළමා කුසලතා සංවර්ධන වැඩසටහන වැඩසටහන යටතේ සංවිධානය කර ඇත. මෙම තරගාවලිය ඔක්තෝබර් 01වෙනිදා විශ්ව ළමා හා වැඩිහිටි දිනයේ දී පැවැත්වීමට සූදානම් කර ඇත.

    මෙම තරගාවලිය තුළ හිටිවන කවි, කෙටි නාට්‍ය, විවාද, ගායන, නර්තන සහ බුද්ධි පරීක්ෂණ වැනි තරග පැවැත්වෙනු ඇත. සමූහ කාණ්ඩ යටතේ තරග සඳහා වයස අවුරුදු 10-15 වයස් කාණ්ඩයේ පාසල් දරුවන්ට ද කේවල තරග සඳහා වයස අවුරුදු 18 දක්වා වූ පාසල් ළමුන්ට ද මේ සඳහා සහභාගී වීමට නියමිතය.

     

    වැඩිදුර තොරතුරු www.csdpsrilanka.org යන වෙබ් අඩවියෙන් ද 'ළමා කුසලතා' යන ෆේස්බුක් පිටුවෙන් ද 0714113457, 0777645921 ජංගම දුරතකන අංකවලින් හෝ 70/B/14/SP, තරුණ බෞද්ධ සංගමය (YMBA) ගොඩනැගිල්ල, බොරැල්ල යන ස්ථානයේ වැඩසටහන් ප්‍රධාන කාර්යාලයෙන් හෝ This email address is being protected from spambots. You need JavaScript enabled to view it. ඉලෙක්ට්‍රොනික් තැපෑලෙන් ලබා ගත හැකිය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya