ජනවාරි 11, 2025
tami eng youtube  twitter facebook

    2015 - රාජ්‍ය ළමා නාට්‍ය උළෙල අද සිට

    සැප්තැම්බර් 15, 2015
    2015 රාජ්‍ය ළමා නාට්‍ය උළෙල අද (15) පස්වරු 5.00 ට මරදාන ටවර් රඟහලේ දී  ආරම්භ වන අතර ආරම්භක දිනයේ දී සිංහල නාට්‍ය දෙකක් සමඟ ඉංග්‍රීසි හා දමිළ නාට්‍ය එක බැගින් වේදිකාගත කිරීමට නියමිතය.
     
    ඒ අනුව අද සුරංජිත් සමීර රණසිංහගේ “සුදු හාවයි ඉබි හාමියි”, වව්නියාව  රම්බෙයිකුලම් කාන්තා විදුහලේ  “ඔන්ඩ්‍රපඩුවෝම්”, වත්තල, ලයිසියම් ජාත්‍යන්තර පාසැලේ “බ්‍රයිට් ටු ගෙදර් ”, ඩී.කේ. ආටිගලගේ “අපූරු නගරය” යන වේදිකා නාට්‍ය 04 වේදිකා ගත කෙරේ.
     
    රාජ්‍ය ළමා නාට්‍ය උළෙල වෙනුවෙන් සිංහල, දෙමළ හා ඉංග්‍රීසි ළමා නාට්‍ය එකම වේදිකාවේ දී පැවැත්වේ. ළමා නාට්‍ය උළෙලේ අවසන් වටය සඳහා භාෂා තුනෙන් ම සීමිත අංශයෙන් ළමා නාට්‍ය 18ක් හා විවෘත අංශයේ නාට්‍ය  ළමා නාට්‍ය 16ක්  වේදිකාගත කිරීමට නියමිතය.
     
    ‍රාජ්‍ය ළමා නාට්‍ය උළෙල වෙනුවෙන් රඟ දැක්වෙන සියලු ම නාට්‍ය නොමිලේ නැරඹීමට අවස්ථාව සලසා ඇති අතර එම නාට්‍ය නැරඹීමට පැ‍මිණෙන ලෙස පාසැල් සිසුන් ඇතුලු සියලු දෙනාට සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව විවෘත ව ආරාධනා කරයි.
     
    අභ්‍යන්තර කටයුතු, වයඹ සංවර්ධන හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශයේ උපදෙස් පරිදි සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව හා ශ්‍රී ලංකා කලා මණ්ඩලයේ රාජ්‍ය නාට්‍ය අනුමණ්ඩලය එක්ව සංවිධානය කරනු ලබයි. 
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya