ජනවාරි 11, 2025
tami eng youtube  twitter facebook

    ලෝක ජනාවාස දින සැමරුම් උළෙලේ“ළමා සිතුවම් නිර්මාණ” තරගාවලිය හෙට

    සැප්තැම්බර් 18, 2015
    කොළඹ නාගරික ජනාවාසවල දරු දැරියන් 3000කගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන “ළමා සිතුවම් නිර්මාණ” තරගාවලියේ අවසන් වටය හිටපු ජනාධිපති ආර්යා හේමා ප්‍රේමදාස මැතිණියගේ ප්‍රධානත්වයෙන්  හෙට (19) දින පෙ.ව. 9.30ට කොළඹ 07, නෙළුම් පොකුණ මාවතේ පිහිටි විහාර මහා දේවි උද්‍යාන පරිශ්‍රයේ දී පැවැත්වේ.
     
    ඔක්තෝම්බර් මස 05වන දිනට යෙදෙන 2015 - ලෝක ජනාවාස දිනයට සමගාමීව නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ මඟපෙන්වීම මත නාගරික ජනාවාස සංවර්ධන අධිකාරිය මෙම ළමා සිතුවම් නිර්මාණ තරගාවලිය සංවිධානය කරනු ලබයි.
     
    නාගරික ජනාවාස සංවර්ධන අධිකාරිය මගින් ස්වශක්ති මානව සංවර්ධන වැඩසටහන යටතේ කොළඹ නගරයේ අඩු පහසුකම් සහිත ජනාවාසවල ජීවත්වන දරු දැරියන්ගේ කලා කුසලතා ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කරනු ලබයි.
     
    6 - 9 වයස් කාණ්ඩය, 10 - 14 වයස් කාණ්ඩය, සහ 15 - 18 වයස් කාණ්ඩය යනාදි වශයෙන් වයස් කාණ්ඩ තුනක් යටතේ මෙම ළමා සිතුවම් නිර්මාණ තරගාවලිය පැවැත්වෙන අතර මුලික වටයේ තරග සඳහා දරු දැරියන් 9000කට ආසන්න පිරිසක් සහභාගි වූහ. 
     
    මෙම සිතුවම් තරගාවලියේ ජයග්‍රාහකයන් සඳහා ත්‍යාග හා සම්මාන ප්‍රදානය කිරීම 2015 - ලෝක ජනාවාස දින සැමරුම් ජාතික උත්සවයේ දී සිදු කෙරේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya