ජනවාරි 11, 2025
tami eng youtube  twitter facebook

    නුවරඑළිය දිස්ත්‍රික් සාහිත්‍ය උත්සවය සැප්තැම්බර් 29 සහ 30 යන දිනයන්හි

    සැප්තැම්බර් 29, 2015
     
     
    නුවරඑළිය දිස්ත්‍රික් සාහිත්‍ය උත්සවය සැප්තැම්බර් 29 සහ 30 යන දිනයන්හි  දිස්ත්‍රික් ලේකම් කාර්යාල පරිශ්‍රයේදී පැවැත්වේ.
    සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව හා නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය  එක්ව සංවිධානය කරනු ලබන මෙහි තේමාව වනුයේ "දේශිය අක්ෂර කලාවේ ආරම්භය හා සාහිත්‍යකරණයේ" ඉතිහාසය  යන්නයි.
     
    සමාජ සංස්කෘතිය තුළ පවත්නා සාහිත්‍ය කලාව පිළිබද ආකල්ප සංවර්ධනය කිරීම, දිස්ත්‍රික් සාහිත්‍යධරයන්ගේ නිර්මාණ කුසලතා එළි දැක්වීමට අවස්ථාවක් සැලසීම, නව පරපුර තුළ පොත් පරිශිලනය හා කියවීමේ රුචිකත්වය වර්ධනය කිරීම හා ළමා හා තරුණ නිර්මාණකරුවන් නව තේමා ඔස්සේ සාහිත්‍යකරණයට යොමු කිරීම මෙම සාහිත්‍ය උත්සවයේ අරමුණු  වේ.
     
    දිස්ත්‍රික් සාහිත්‍ය උත්සවයේ ප්‍රථම දිනය බ්‍රාහ්මීය අක්ෂර කලාවේ විකාශනය ඔස්සේ ගොඩනැගුනු  දේශිය අක්ෂර කලාව හා දේශිය සාහිත්‍යකරණයේ මුලාරම්භය හා විකාශනය යන මාතෘකාව යටතේ පුජ්‍ය මහාචාර්ය හඟුරන්කෙත ධිරානන්ද හිමියන් විසින්  ප්‍රධාන දේශනය පවත්වනු ලැබේ.
     
    ඊට සමගාමීව පළාත් පුරා විද්‍යා කාර්යාලය මගින් පවත්වනු ලබන දේශීය අක්ෂර කලාවේ විකාශනය දැක්වෙන ප්‍රදර්ශනද ඇතුලත්ය.
     
    මෙහි දෙවනි දිනය කෞතුකාගාර දෙපාර්තමේන්තුව මගින් සිදු කරනු ලබන දේශීය අක්ෂර කලාවේ විකාශනය පිළිබද ප්‍රදර්ශනයද පළාත් පුරා විද්‍යා දෙපාර්තමෙන්තුව මගින් සිදු කරනු ලබන ප්‍රදර්ශනයද යන ද්විත්වයම පැවැත්වීමට නියමිතය.
     
    AP/DMU-Nuwaraeliya
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya