ජනවාරි 11, 2025
tami eng youtube  twitter facebook

    2015 රාජ්‍ය ළමා නාට්‍ය උළෙලේ සම්මාන ප්‍රදානෝත්සවය බදාදා

    ඔක්තෝබර් 04, 2015

    අභ්‍යන්තර කටයුතු, වයඹ සංවර්ධන හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ උපදෙස් පරිදි සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව හා ශ්‍රී ලංකා කලා මණ්ඩලයේ රාජ්‍ය නාට්‍ය අනුමණ්ඩලය මගින් සංවිධානය කරනු ලබන 2015 රාජ්‍ය ළමා නාට්‍ය උළෙලේ සම්මාන ප්‍රදානෝත්සවය  බදාදා (06) ප.ව.4.00 ට මහරගම, යූත් රඟහලේ දී අභ්‍යන්තර කටයුතු, වයඹ සංවර්ධන හා සංස්කෘතික කටයුතු අමාත්‍ය එස්.බී. නාවින්න මහතා ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.

    2015 රාජ්‍ය ළමා නාට්‍ය උළෙලේ අවසන් වටයේ සිංහල,දෙමළ හා ඉංග්‍රීසි ළමා නාට්‍ය  පසුගිය දා මරදාන, ටවර් රඟහලේ  දී වේදිකාගත කරන ලද අතර එම නාට්‍ය අතුරින් හොඳම ළමා නාට්‍ය, හොඳම නාට්‍ය පිටපත් රචනය, හොඳම නළුවා, හොඳම නිළිය, හොඳම සංගීතය, හොඳම වේදිකා පසුතල නිර්මාණය, හොඳම වේෂනිරූපණය, හොඳම වේදිකා පරිපාලන, හොඳම රංගාලෝකය ආදී අංශ සඳහා මුදල් ත්‍යාග, සම්මාන හා සහතික පිරිනැමීමට නියමිතයි.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya