ජනවාරි 11, 2025
tami eng youtube  twitter facebook

    අතිපූජ්‍ය ශ්‍රී සීලවිමල මහනාහිමියෝ මල්වතු පාර්ශවයේ සංඝනායක පදවියකින් පිදුම් ලබති

    ඔක්තෝබර් 05, 2015
    අතිපූජ්‍ය සද්ධර්ම කීර්ති ශ්‍රී සීලරතන දුනුකේවත්තේ ශ්‍රී සීලවිමල මහනාහිමියෝ වෙත මල්වතු පාර්ශවයේ සතර කෝරළ මහ දිසාවේ උප ප්‍රධාන සංඝනායක පදවිය ප්‍රදානය කිරීම පසුගියදා සිදු විය.
     
    එම සංඝනායක පදවියට අදාළ අක්ත පත්‍ර ප්‍රදානය මල්වතු මහා විහාරයේ මංගල උපෝසථාගාරයේදී මල්වතු පාර්ශවයේ මහ නායක තිබ්බොටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහා නාහිමි සුරතින් සිදු වූහ.
     
    පූජ්‍ය දුනුකේවත්තේ ශ්‍රී සීලවිමල නාහිමියෝ රඹුක්කන පින්නවල ශ්‍රී සුදර්ශනාරාමයේ සහ නාරම්බැද්ද පුරාණ රජමහා විහාරය යන උභයවිහාරයන්හි විහාරාධිපති ස්වාමීන් වහන්සේ මෙන්ම කෑගල්ල දිස්ත්‍රික් ශාසනාරක්ෂක බලමණ්ඩලයේ ලේඛකාධිකාරී ස්වාමීන් වහන්සේ ද වේ.
     
    නිර්මල බෞද්ධ දර්ශනය, එතෙර මෙතෙර ප්‍රචාරණය උදෙසා අප නාහිමියන් ඉතා විශාල කාර්යයභාර්යයක් ඉටුකළ විචිත්‍ර ධර්මදේශකයාණන් වහන්සේ නමක් ද වේ. පූජ්‍ය දුනුකේවත්තේ ශ්‍රී සීලවිමල මහනාහිමියෝ කොළඹ විශ්වවිද්‍යාලයේ ශ්‍රාස්ත්‍රපති උපාධිය හිමිකරගෙන ඇති අතර දැනට කෑගලු විද්‍යාලයේ උප විදුහල්පති ධූරය ද හොබවති.
     
    මෙම අවස්ථාවට මහ ඇමති මහීපාල හේරත්, කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කනක හේරත්, සණස නිර්මාතෘ අචාර්යය පී.ඒ. කිරිවන්දෙනිය යන මහත්වරු ඇතුළු ගිහි පැවිදි විශාල පිරිසක් එක්ව සිටියහ.
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya