ජනවාරි 11, 2025
tami eng youtube  twitter facebook

    ගාල්ල දිස්ත්‍රික් සාහිත්‍ය කලා මහෝත්සවය

    නොවැම්බර් 04, 2015
    ගාල්ල දිස්ත්‍රික් සාහිත්‍ය කලා මහෝත්සවය පසුගියදා ගාල්ල මානවිල උපනන්ද විද්‍යාලයේ දී පැවැත්විණි.
    සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ මෙහෙයවීමෙන් ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය විසින් මෙම උත්සවය සංවිධානය කර ඇත.
     
    මෙහි සමාරම්භක අවස්ථාව සඳහා ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී විජයපාල හෙට්ටිආරච්චි මහතා සහභාගී වූ අතර වැඩි දුරටත් අදහස් දැක් වූ ඒ මහතා පෙන්වා දුන්නේ සිංහල හෝ කලා සාහිත්‍ය සමිතියක්වත් නොමැති ජනප්‍රිය පාසල් පවා පවතින බවයි. එබැවින් මෙම තත්වය රටේ පාසල් අධ්‍යාපනයට හිතකර නොවන බවත් ඒ මහතා පවසා සිටියේ ය.
     
    එහි මුඛ්‍ය දේශනය රුහුණු විශ්වවිද්‍යාලයේ මහාචාර්ය සුමනසිරි වාව්වගේ මහතා විසින් සිදු කරන ලද අතර සාහිත්‍ය කලා මහෝත්සවයේ ගුණානුස්මරණ දේශනය පැවතියේ කීර්තිමත් පුරාවිද්‍යාඥ මහාචාර්ය සෙනරත් පරණවිතාන මහතාගේ සේවාවන් පිළිබඳවයි.
     
    මහාචාර්ය සෙනරත් පරණවිතාන මහතා ගාල්ල දිස්ත්‍රික්කයේ මැටරඹ ප්‍රදේශයේ උපත ලැබූ අතර 1940 වර්ෂයේ පුරාවිද්‍ය
    කොමසාරිස් ධුරයට පත් පළමු ශ්‍රී ලාංකිකයා වේ. 1940 වර්ෂයේ නෙදර්ලන්තයෙන් සිය ආචාර්ය උපාධිය ලබා ගත් ඒ මහතා 
    සිය පර්යේෂණය සිදු කල “ලංකාවේ ස්ථූප“ කෘතියත් පසුව 1956 වර්ෂයේ රචිත “සීගිරි කුරුටු ගී“ කෘතියත් මෙරට පුරාවිද්‍යාව පිළිබඳව ජාත්‍යන්තර අවධානයට යොමු වීමට හේතු විය. සීගිරිය ජගත් අවධානයට ලක් වූයේ මෙම කාල සීමාව තුළදීය. භාෂා 07කින් පිළිබඳව දැනුමකින් හෙබි ඒ මහතා විවිධ අක්ෂර සම්බන්ධව විෂේශ දැනුමකින් යුතු ප්‍රාමාණික උගතෙකි. මෙරට පුරාවිද්‍යා ක්ෂේත්‍රයට අනූපමේය කැපකිරීමක් කල ඒ මහතා 1972 වර්ෂයේ ඔක්තොම්බර් 01 වන දින අභාවප්‍රාප්ත විය. මිය යන විට එතුමා විසින් රචිත ග්‍රන්ථ සහ ශාස්ත්‍රීය ලේඛණ 400කට ආසන්න විය.
     
    එමෙන්ම කරාපිටිය ශික්ෂණ රෝහලේ විශේෂඥ වෛද්‍ය රමණී රත්නවීර මහත්මිය විසින් සංගීතය අනුසාරයෙන් ඉදිරිපත් 
    කළ මනෝ උපදේශාත්මක දේශනයක්ද මෙහිදී සියල්ලගේ විෂේශ අවධානයට ලක් විය.
     
    සංස්කෘතික අංග රැසකින් විචිත්‍රවත් වූ සාහිත්‍ය උළෙල අවසානයේ සාහිත්‍ය තරඟයන්ගෙන් ජයග්‍රහණය කල පාසල් සිසු සිසුවියන් වෙත ත්‍යාග හා සහතික පත් ප්‍රදානය කිරීම ගාල්ල වැ.බ දිස්ත්‍රික් ලේකම් මාලනී ලොකුපෝතාගම මහත්මියගේ ප්‍රධානත්වයෙන් සිදු විය.
     
     AP/DMU-Galle
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya