ජනවාරි 11, 2025
tami eng youtube  twitter facebook

    වන්නි ඉනොවේටා 2015 ප්‍රදර්ශන මාලාව 20, 21 සහ 22

    නොවැම්බර් 20, 2015

    ආරක්ෂක සේනා මූලස්ථානය සංවිධානය කරන වන්නි ඉනොවේටා 2015 (WANNI INNOVETA) ප්‍රදර්ශන මාලාව අද (20) වව්නියා මහජන ක්‍රීඩාංගණයේ දී ඇරඹේ. එය 22වන ඉරිදා දක්වා පැවැත්වේ.

    ආරක්ෂක සේනා වන්නි අඥාපති ජනරාල් බොනිෆස් පෙරේරා මහතාගේ සංකල්පයක් අනුව යුද හමුදාපති ලුතිනන් ජනරල් ක්‍රිශාන්ත ද සිල්වා මහතාගේ මඟ පෙන්වීම යටතේ වන්නි ආරක්ෂක බල ප්‍රදේශයේ සෙබළුන්ගේ නිර්මාණශීලී හැකියාවන් සහ කලා හැකියාවන් ඔප නැංවීමේ අභිලාෂයෙන් ඉනොවේටා 2015 ප්‍රදර්ශන මාලාව සංවිධානය කරනු ලැබේ.

     

    මෙම ප්‍රදර්ශනට සමඟාමීව ‍වන්නි ආරක්ෂක බල ප්‍රදේශයේ සෙබලළුන් විසින් නිර්මාණය කරන ලද චිත්‍ර ප්‍රදර්ශනයක් ද පැවත්වීමට නියමිතය. එම ප්‍රදර්ශනයන් සඳහා ප්‍රදේශයේ විශ්ව විද්‍යාල හා පාසල් සිසුන්ගේ නිර්මාණ හා චිත්‍ර ද ප්‍රදර්ශනය කිරීමට අවස්ථාව සලසා දී තිබේ.

     

    මෙම ප්‍රදර්ශනයට අමතරව සෙබළුන් හා ප්‍රදේශයේ මහජනතාව වෙනුවෙන් සිදු කරන ප්‍රජා සත්කාරයක් ලෙස ජාතික අන්තරාදායක ‍ඖෂධ පාලක මණ්ඩලය මගින් අන්තරාදායක ඖෂධ පිළිබඳ දැනුවත් කිරීම සහ ප්‍රදර්ශන කුටි, ශ්‍රී ලංකා පොලිස් හා ළමා කාන්තා කාර්යංශය මගින් ළමා අපචාර හා කාන්තා අපචාර පිළිබඳ දැනුවත් කිරීම සහ ප්‍රදර්ශන කුටි ද ශ්‍රී ලංකා පොලිස්  මාර්ග අනතුරු සහ මාර්ග ආරක්ෂක ඒකකය මගින් මාර්ග අනතුරු වළක්වා ගැනීම සහ මාර්ග  ආරක්ෂාව පිළිබඳව දැනුවත් කිරීම් සහ ප්‍රදර්ශන කුටියක් ද ක්‍රියාත්මක කෙරේ.

     

    තවද මෙම ප්‍රදර්ශන භූමියේ සෞඛ්‍ය අමාත්‍යංශයේ වකුගඩු රෝග නිවාරණ සහ පරික්ෂණ අංශය මගින් වකුගඩු රෝග පිළිබඳ දැනුවත් කිරීම හා ප්‍රදර්ශය කුටිය පවත්වාගෙන යන අතර ප්‍රදර්ශන මාලාවේ අවසන් දිනය වන 22 දා එහි ජංගම රථයක් මගින් වකුගාඩු පරීක්ෂාවන් ද සිදු කිරීමට නියමිතය.

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya