ජනවාරි 11, 2025
tami eng youtube  twitter facebook

    ගම්පහ සාහිත්‍ය කලා මහෝත්සවය හෙට

    නොවැම්බර් 26, 2015

    ගම්පහ දිස්ත්‍රික් සාහිත්‍ය කලා මහෝත්සවය පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මන්නප්පෙරුම මහතාගේ සහ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ප්‍රධානත්වයෙන් හෙට (27) පෙරවරු 8.30 ට බණ්ඩාරනායක මහ විද්‍යාලයේදී පැවත්වීමට නියමිතය.

    සංස්කෘතික දෙපාර්තමේන්තුව සහ ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය මගින් සංවිධානය කරනු ලබන එම සාහිත්‍ය කලා මහෝත්සවයේදී ජ්‍යේෂ්ඨ, ප්‍රථමික හා විවෘත අංශයන්හි දිස්ත්‍රික් මට්ටමින් ගද්‍ය, පද්‍ය, කෙටි කතා, අත් අකුරු සහ රස වින්දන යනාදී තරඟයන්ගෙන් ජයග්‍රහණය හිමි කර ගත් දරු දැරියන්හට ත්‍යාග හා සහතික පත් ප්‍රදානය කිරීමට නියමිතය.

    ‘‘කෙතයි - බතයි’’ දේශිය ආහාර වැඩසටහනේදී ජය ලැබූ ජයග්‍රහකයින්ට මෙහිදි ත්‍යාග හා සහතික පත් ප්‍රදානය කරනු ලැබේ.


    මෙම උත්සව අවස්ථාවේ සාහිත්‍ය රස වින්දන වැඩසටහන රොඩ්නි වර්ණකුලසූරීය මහතා විසින් මෙහෙය වනු ලබන අතර මෙහිදී ඔහුගේ සිව්රඟ ගී ප්‍රසාංගික නාට්‍ය රස වින්දන වැඩසටහන ද පැවත්වීට නියමිතය.


    එම අවස්ථාවට ගම්පහ දිස්ත්‍රික් ලේකම් සුනිල් ජයලත් මහතා, අතිරේක දිස්ත්‍රික් ලේකම් අසන්නත ගුණසේකර මහතා, සහකාර දිස්ත්‍රික් ලේකම් ඩබ්. පී . පී ඉන්දික මහතා ඇතුළු දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ අංශ ප්‍රධානීන්, ප්‍රාදේශීය ලේකම්වරුන් සහ රාජ්‍ය නිලධාරීහූ පිරිසක් ද සහභාගී වීමට නියමිතය.

     

    YF_DMU_Gampaha

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya