ජනවාරි 11, 2025
tami eng youtube  twitter facebook

    ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ සුලෝචනා වීරසිංහ සිග්නීස් සම්මානයෙන් පිදුම් ලබයි

    දෙසැම්බර් 01, 2015

    38වන සිග්නීස් උත්තමාචාර සම්මාන උළෙලේ වනිතා සම්මානය සහ වසර 2014 සජීවී සිනමාත්මක කුසලතා සහභාගීත්වය වෙනුවෙන් කුසලතා සහතිකය හිමි කර ගැනීමට රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ නිෂ්පාදන අංශයේ සේවය කරන ජනප්‍රිය රංගන ශිල්පිනී සුලෝචනා වීරසිංහ සමත් වූවාය.

    වනිතා සම්මානය ‘නිකිණි වැස්ස‘ චිත්‍රපටයේ දී සිදු කළ ප්‍රතිභාපූර්ණ රංගනය සඳහාත් කුසලතා සහතිකය ‘තණ්හා රති රඟා‘ චිත්‍රපටයේ සිදු කළ සජීවී සිනමාත්මක රංගනය වෙනුවෙනුත් සුලෝචනා වීරසිංහට හිමි විය. 

     

    සිග්නීස් උත්තමාචාර සම්මාන උළෙල පසුගියදා (නොවැ. 27) බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්විණි. ප්‍රවීණ නිළි පුණ්‍යා හීන්දෙණිය මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම සම්මාන උළෙල සිග්නීස් ශ්‍රී ලංකා ආයතනය විසින් සංවිධානය කරන ලදී.

     

    මීට පෙර ද විවිධ සම්මාන උළෙලවල දී ඇය සිය නිර්මාණශීලී රංගන ප්‍රතිභා කෞශල්‍ය සඳහා සම්මානයෙන් පිදුම් ලබා ඇත.

     

    SDF

    w2

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya