ජූනි 08, 2025
tami eng youtube  twitter facebook

    රුක්මණී දේවී උපහාර සංගීත සන්ධ්‍යාව හෙට

    දෙසැම්බර් 08, 2015

    “මැවිලා පෙනේවි රූපේ - රුක්මණී දේවී උපහාර සංගීත සන්ධ්‍යාව” හෙට (09)වෙනි දින ප.ව.2.00 ට පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතාගේ ප්‍රධානත්වයෙන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු නව ශ්‍රවණාගාරයේදී පැවැත්වේ.

    සිරිලක එක්සත් කලා සන්ධානය හා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ඒකාබද්ධව සංවිධානය කරන මෙම රැසංගය රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු සුබසාධක සංගමයට හා වියපත් කලාකරු සුබසාධක ව්‍යාපෘතියට ආධාර පිණිස පැවැත්වේ.

     

    මෙම සංගීත සන්ධ්‍යාවේදී ප්‍රවීණ ගායන ශිල්පිණී රුක්මනී දේවිය විසින් ගායන කරන ලද ගීත රැසක් ගායනා කිරීමට නියමිතයි. මෙහිදී ශ්‍රියානි දිසානායක, ඩබ්. ප්‍රේමරත්න, උදේනි චන්ද්‍රසිරි,ටෙරාන් නානායක්කාර, අමල් පෙරේරාගේ පුත් නදීමාල් පෙරේරා, ශෂිකා දෙව්මිණි, නිමල් ඩයස් හා සමදරා ආරියවංශ යන ප්‍රවීණ ගායික ගායිකාවන් ගීත ගායනා කිරීමට නියමිතයි.

     

    දිව්‍ය සොනාලි, රත්නා සුමතිපාල සහ සමදරා ආරියවංශයන්ගේ නර්තන රංගනයෙන් මෙම සංගීත සන්ධ්‍යාව තවත් විචිත්‍රවත් කෙරෙනු ඇත.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya