ජනවාරි 11, 2025
tami eng youtube  twitter facebook

    අමරදේව නමින් සංගීත අසපුවක්

    දෙසැම්බර් 17, 2015

    පණ්ඩිත් අමරදේවයන් විසින් තමාගේ නමින් සංගීත ආශ‍්‍රමයක් ගොඩනැඟීමට ඇති අවශ්‍යතාවය පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ සහ ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා වෙත ප‍්‍රකාශ කරනු ලැබීමෙන් පසුව අමරදේවයන්ගේ නමින් අසපුවක් ගොඩනැඟීම යථාර්තයක් කර දීමට කටයුතු කරන බව අමාත්‍යවරයා පවසයි.

    පණ්ඩිත් අමරදේවයන්ගේ 88 වෙනි ජන්ම දිනය දා හිමිදිරියේම ඔහුගේ සුවදුක් බැලීමට ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා අමරදේවයන්ගේ නිවසට ගොස් සුභ පැතුම් එක් කළ අතර, එහිදී අමාත්‍යවරයා මේ පිළිබඳව සාකච්ඡා කළේය.

     

    ඇමතිවරයාගේ පූර්ණ මැදිහත් වීම මත අමරදේව අසපුව ඉදිකිරීමේ මූලික කටයුතු ආරම්භ කරමින් පණ්ඩිත් අමරදේවයන් සංගීත අසපුව ඉදිකිරීම පිළිබඳව කරුණු දැනගැනීමට ජනමාධ්‍ය ඇමතිවරයා ප‍්‍රමුඛ පිරිසක් ඊයේ පෙරවරුවේ (16) පණ්ඩිත් අමරදේවයන් හමු වී වැඩිදුරටත් සාකච්ඡා කළේය.

     

    මේ වන විට කොළඹ අවටින් මේ සඳහා අවශ්‍ය ඉඩමක් සොයා ගැනීමේ කටයුතු ආරම්භ කර ඇති බව ගයන්ත ඇමතිවරයා මෙහිදී අමරදේවයන් වෙත දැන්වීය. බොහෝ දෙනෙකුට මේ පිළිබඳව පැවසූවත් එය ඵලක් නොවූ බවත්, ගයන්ත අමාත්‍යවරයාට කියූ සැනින් ඒ සඳහා මැදිහත් වීම ඉතා අගය කරන බව ද අමරදේවයන් මෙහිදී ප්‍රකාශ කළේය.

     

    මෙම හමුවීම සඳහා නියෝජ්‍ය ඇමති කරු පරණවිතාන, අමාත්‍ය ලේකම් වජිර නාරම්පනාව, රූපවාහිනි සංස්ථාවේ සභාපති රවී ජයවර්ධන, අධ්‍යක්ෂ ජනරාල් සුනිල්ශාන්ත මහත්වරු සහභාගී වූහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya