ජනවාරි 11, 2025
tami eng youtube  twitter facebook

    ජයසේන ජයකොඩි මෙහෙවර ඇගයේ

    දෙසැම්බර් 18, 2015

    රාජ්‍ය සම්මානලාභී සාහිත්‍යවේදී ජයසේන ජයකොඩි මහතාගේ 80 වෙනි ජන්ම දින සැමරුම අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ ප්‍රධානත්වයෙන් ජාතික පුස්තකාල හා ප්‍රලේඛන මණ්ඩලයේ දී ඊයේ (17) පැවැත්විණි.

    ජයසේන ජයකොඩි මහතා මෙරට සාහිත්‍යයට සිදුකළ අග්‍රගන්‍ය මෙහෙවර අමාත්‍යවරයාගේ විශේෂ ඇගයුමට පාත්‍ර විය. මෙහි ජයසේන ජයකොඩි සමරු දේශනය කැලණිය විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යයනාංශයේ මහාචාර්ය දර්ශන රත්නායක මහතා විසින් පවත්වන ලදි.

     

    ජයසේන ජයකොඩි මහතා විසින් රචිත සියලු කෘති එකතුව සහ පුද්ගලිකව පරිහරණය කළ කෘති එකතුවක් එතුමන්ගේ බිරිඳ වන චන්ද්‍රා ජයකොඩි මැතිණීය විසින් ජාතික පුස්තකාල හා ප්‍රලේඛන මණ්ඩලය වෙත භාර දීම මෙහි දී සිදු කෙරුණි.

     


    මෙම අවස්ථාවට ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයේ සභාපති ඩබ්ලිව්. ඒ. අබේසිංහ, අධ්‍යක්ෂ ජනරාල් ඩබ්ලිව්. සුනිල් යන මහත්වරුන් ඇතුළු සම්භාවනීය අමුත්තන්
    රැසක් එක්වූහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya