ජනවාරි 11, 2025
tami eng youtube  twitter facebook

    "දා බිඳු මුතු - 2015" ජා ඇලදී

    දෙසැම්බර් 20, 2015
     
    දිවි නැගුම ව්‍යවසායකයින්ගේ “දා බිඳු මුතු - 2015”  දිස්ත්‍රික් අලෙවි ප්‍රදර්ශනය සමාජ සවිබල ගැන්වීම හා සුබසාධන අමාත්‍ය එස්.බී.දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන්  හා නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතාගේ සහභාගීත්වයෙන් දෙසැ. 20 දින පෙරවරු 9.30 ට ජා ඇල නගර සභා පිටියේදී ආරම්භ වේ.
    දිවි නැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවේ මෙහෙයවීමෙන් ගම්පහ දිස්ත්‍රික්  දිවි නැගුම කාර්යාලය සහ ජා ඇල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය එක්ව සංවිධනය කරනු ලබන මෙම ප්‍රදර්ශනය 20, 21 හා 22 තෙදින පුරා පැවැත්වීමට කටයුතු ‍යොදා ඇත. 
     
    ගම්පහ දිස්ත්‍රික්කයේ  පිහිටි බැංකු කලාප 86 න් ණය ආධාර, ජීවනෝපාය ආධාර හා ප්‍රතිලාභ ලබාගත් ව්‍යවසායකයින්ගේ නිෂ්පාදන අලෙවි කර ගැනීම සඳහා ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ මට්ටමින් ප්‍රදර්ශන පැවැත්විණි. එම "දා බිඳු මුතු" අලෙවි ප්‍රදර්ශනයන්හි එක් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයකින් ජයග්‍රහකයින් 5 දෙනා බැගින් තෝරා ඔවුන්ගේ සහභාගිත්වයෙන් 
    මෙම ප්‍රදර්ශනය පැවැත්වේ. මෙම  අලෙවි ප්‍රදර්ශනය අලෙවි කුටි 200 – 300ත් අතර ප්‍රමාණයක් පවතී. 
     
    මෙම අලෙවි ප්‍රදර්ශනයේදී ජාතික අලෙවි ප්‍රදර්ශනයට ඉදිරිපත් කිරීම සඳහා ජයග්‍රාහක ව්‍යවසායකයින් 10 දෙනෙකු තෝරා ඔවුන්ට ත්‍යාග ප්‍රදානය කරනු ලැබේ. 
     
    සමාරම්භක දිනයේදී ජීවනෝපාය සංවර්ධන භාණ්ඩ බෙදා දීම, දිරිය සවිය ණය ප්‍රදානය හා දිවි නැගුම ප්‍රජාමූල බැංකු සංගමයේ උන්නතියට කැපවූ ස්වෙච්ඡා සභික මහත්ම මහත්මීන් ඇගයීම සිදු කරනු ලැබේ.
     
    අලෙවි ප්‍රදර්ශනය පැවැත්වෙන දෙවන දිනයේදී සිසුදිරිය ශිෂ්‍යත්ව ප්‍රදානය හා දිස්ත්‍රික් ළමා සමාජ ජයග්‍රහකයින් සඳහා ත්‍යාග ප්‍රදානය  සිදු කෙරෙන අතර අලෙවි ප්‍රදර්ශනය පැවැත්වෙන අවසන් දිනයේදී වැඩිම අවුරුදු ගණුදෙනු සිදු කළ නිලධාරීන් අගයනු ලැබේ.
     
    AP/DMU-Gampha
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya