ජනවාරි 11, 2025
tami eng youtube  twitter facebook

    " සොදුරු හැඟුමක අකුරු පෙළහර " කොළඹ සාහිත්‍ය මහෝත්සවය

    දෙසැම්බර් 29, 2015
     
    "මෙවැනි සාහිත්‍ය උත්සව අද සමාජයට ඉතාමත් මහෝපකාරී වෙනවා.දේශීය සංස්කෘතිය නැංවීම ආරක්ෂා කිරීම අපේ යුතුකමක්.සාහිත්‍ය උන්නතිය ලැබූ හැම අවස්ථාවකම රටක් සාමකාමීයි.සංවර්ධිතයි.ඉතිහාසය ඒ බව සනාථ කරලයි තියෙන්නේ ".යැයි කොළඹ දිස්ත්‍රික් ලේකම් සුනිල් කන්නංගර මහතා පැවසීය.
    ඒ මහතා මෙසේ පැවසුයේ  පසුගියදා  කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ප්‍රධාන ශ්‍රවණාගාරයේ දී සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ අනුෂා ගෝකුල මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවති සාහිත්‍ය මහෝත්සවයේ දීය.
     
    කොළඹ සාහිත්‍ය මහෝත්සවයේ මෙවර තේමා පාඨය වනුයේ "සොදුරු හැඟුමක අකුරු පෙළහර"  යන්නයි.සමාජයක් ඉදිරියට ගෙනියන්න නම් අපේ සංස්කෘතිය පෝෂණය කළ යුතුයි. අද නව නිර්මාණකරුවන්ට මෙන්ම කලාවට අනුපමේය සේවයක් කළ කලාකරුවන්ට කලා භූෂණ සම්මාන පිරිනමනවා.එය ඔවුන්ගේ කලා කෞෂල්‍යය තව තවත් ඉහල නැංවීමට හේතු වෙනවා.” යයිද දිස්ත්‍රික් ලේකම්වරයා තවදුරටත් පැවසීය. 
     
    ශ්‍රී ලාංකිය සංස්කෘතික හා සාහිත්‍ය කලාව නංවාලීමේ අරමුණින් ජාතික සාහිත්‍ය උත්සවයට සමගාමීව කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය සංස්කෘතික අංශය විසින් මෙම උත්සවය සංවිධානය කර තිබිණි.මෙහිදී දිස්ත්‍රික් මට්ටමින් ජයග්‍රහණය ලැබූ ජයග්‍රාහක ජයග්‍රාහිකාවන් ට සහතිකපත් හා ත්‍යාග පිරිනැමීම ද සිදු විය.
     
    එමෙන් ම ලාංකේය සංස්කෘතියට මෙන්ම විවිධ කලාවන් සදහා ජාතික වශයෙන් සිදු කලා වූ සේවාවන් අගයමින් ජ්‍යෙෂ්ඨ කලාකරුවන් දහ හතරදෙනෙකුට හා තරුණ කලාකරුවන් දහ හතරදෙනෙකුට කොලොම්තොට භූෂණ සම්මානය හා තරුණ කලාකරු සම්මානය පිරිනැමීම ද සිදු විය. එසේම ප්‍රාසාංගික විශේෂාංග රැසක් ද පැවැත්විණි.මෙම උත්සවයේ සාහිත්‍ය දේශනය ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහාචාර්ය සමන් චන්ද්‍ර රණසිංහ මහතා විසින් පවත්වන ලද අතර ප්‍රවීන සාහිත්‍යවේදී කරුණාරත්න විජේවර්ධන මහතා විසින් ගී රස වින්දන වැඩසටහනක් ද පවත්වන ලදී.
     
    මෙම සාහිත්‍ය උත්සවය සදහා ප්‍රවීණ ගායිකා සුජාතා අත්තනායක මහත්මිය,අතිරේක දිස්ත්‍රික් ලේකම් සුනිල් ගලගම මහතා,සහකාර දිස්ත්‍රික් ලේකම් දිල්රුක්ෂි වල්පොල මහත්මිය ඇතුළු විශාල පිරිසක් සහභාගී වී සිටියහ.
     
    AP/DMU-Colombo
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya