ජනවාරි 11, 2025
tami eng youtube  twitter facebook

    ගාලු කෝරලයේ ප්‍රධාන සංඝනායක නාහිමියන්ගේ ආදාහන පුජෝත්සවය 09 වනදා

    ජනවාරි 05, 2016
     
    ගාල්ල මාපලගම පරණතානායම්ගොඩ ගංගාතිලක පුරාණ විහාරාධිපති සියම් මහා නිකායේ සරභඤ්ඤ විශාරද ගාලූ කෝරලයේ ප‍්‍රධාන සංඝ නායක කලා විශාරද සද්ධර්ම කීර්ති ශ‍්‍රි සාරානන්ද  විචිත‍්‍ර භාණක පූජ්‍ය රෑකඩහේනේ කුසලඥාණ නායක ස්වාමින්ද්‍රයන් වහන්සේ අපවත් වූහ.ඒ පිළිබද ආදාහන පූජෝත්සවය 2016 ජනවාරි 09 වන අගහරුවාදා සවස 3.30 ට මාපලගම ශ‍්‍රි විපුලසාර හිමි අනුස්මරණ ක‍්‍රිඩාංගණයේ දී පැවැත්වේ.
    කුසලඥාණ හාමුදුරුවෝ වඩාත් ප‍්‍රකට වූයේ පිරිත් දේශනාවෙහි අති දක්ෂ දේශකයාණන් වහන්සේ නමක් ලෙසට ය.පිරිත් පිරීම, විහාර අස්න අනුශාසනාවන් හා යුගාසන දේශනාවන්හි උන්වහන්සේ සහජ දස්කම් පෑහ.මේ නිසාම කෝට්ටේ කළ්‍යාණි ශ‍්‍රි ධර්ම සංඝ සභාව විසින් විචිත‍්‍ර භාණක සරභඤ්ඤ විශාරද ගෞරව නාමයෙන්  පුදනු ලැබූහ.
     
    මාපලගම විපුලසාර නාහිමියන් හා සෙවණට පැමිණි කුසලඥාණ හිමියෝ කැටයම් කලාවත්, මූර්ති ශිල්පයත්,  චිත‍්‍ර ශිල්පයත් ප‍්‍රගුණ කළහ.තෙලිතුඩින්, මූර්තියෙන් අවිහිංසාව, කරුණාව, දයාව මූර්තිමත් කළ රෑකඩහේන කුසලඥාණ හාමුදුරුවෝ කලාශූරි විශාරද පදවිය ද ලැබූහ. කොළඹ කොටුවේ වරාය සෑරඳුන්ගේ චිත‍්‍ර නිර්මාණය නාහිමියන් කළ එක් නිහඬ සේවාවකි.
     
    ගාලූ ගඟබඩ පත්තුවේ අතිශය සුන්දර වාඩුවැලිවිටිය උතුර රෑකඩහේන නම් ග‍්‍රාමයේදී එච්.කේ.බී.නානායක්කාර සහ වික‍්‍රම සෙනෙවිරත්න කර්ලිනා යන පිංවත් යුවළට දාව වර්ෂ 1926 දී උපන් එච්.කේ.පී.නානායක්කාර කුල කුමරුවා 1941 දී මාපලගම ගංගාතිලක විහාරයේදී රැකඩහේන කුසලඥාණ නමින් පැවිදි දිවියට ඇතුළත් වූහ.
     
    අතිශයෙන් දුර්ලභ වූ පැවිදි සම්පත්තියට සපැමිණ පුරා වසර 90 ක් ස්වකීය ආදර්ශමත් ජීවිතය පුරාම අප නාහිමියෝ පරාර්ථ සාධනයෙහි ම නිරත වූහ.
     
    විචිත‍්‍ර පරිත්ත භාණක හිමි නමක ලෙස ප‍්‍රකට  නාහිමියෝ ඉන්දියාව, නේපාලය, සිංගප්පූරුව, මැලේසියාව, ඉන්දුනීසියාව, තායිලන්තය, ජපානය ,තායිවානය, බුරුමය ,පියැංගුව හා චීනය යන රටවල සංචාරය කරමින් පිරිත් දේශනාවන්හි  නිරත වූහ.
     
    AP
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya