ජනවාරි 11, 2025
tami eng youtube  twitter facebook

    ආබාධ සහිත වුවන්ගේ ස්වශක්ති සංවිධාන ඇගයුමට ලක් වේ.

    ජනවාරි 06, 2016
    ආබාධ සහිත වුවන් ද මෙම සමාජයේ ම කොටසක්. ඔවුන්ටද සාමාන්‍ය මිනිසුන්ට ඇති ආහාර ගැනිම නින්ද සමාජ ක්‍රියාකාරකම් හා ආදායම් ඉපයිම සදහා අයිතියක් තිබෙනවා.ඔවුන්ගේ එම අයිතින් සුරක්ෂිත කිරිම සදහා ආබාධ සහිත වුවන්ගේ දෙමාපියන් , භාරකරුවන්ගේ හා ප්‍රජාවේ දායකත්වයෙන්  ක්‍රියාත්මක ස්වශක්ති සංවිධාන සුවිශේෂි කාර්යය භාරයක් ඉටුකරමින් පවතිනවා.එම කාර්යය සදහා දායක වු සාමාජිකයින් අනුග්‍රාහක  සංවිධාන අගයකර සම්මාන ලබා දිම අගය කළ යුත්තක් යැයි කොළඹ දිස්ත්‍රික් ලේකම් සුනිල් කන්නන්ගර මහතා  පවසයි.
    කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති ස්වශක්ති සංවිධාන ඇගයීමේ වැඩසටහනේ දී දිස්ත්‍රික් ලේකම්වරයා මෙසේ පැවසීය. 
     
    මෙහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ ඒ මහතා “ආබාධ සහිත වුවන් තවදුරටත් නිවාස වල සඟවා ගෙන සිටීම අවශ්‍ය නෑ.මොවුන්ට ද පාසල් අධ්‍යාපනය, වෘත්තිය අධ්‍යාපනය ලබාදිම සදහා පියවර ගැනිමත් පාසැල් කාලයෙන් පසුව මොවුන්ට ද වෘත්තිය අධ්‍යාපනය ලබාදිම අත්‍යවශ්‍යයි.එම කාර්යය තුළින් මොවුන් ස්වාධිනව කටයුතු කිරිමට හා සමාජ සංවර්ධනයට  දායකකර ගත හැකි වෙනවා ”යැයි ද ආබාධ සහිත වුවන් සිය අයිතිවාසිකම් ඉල්ලා කටයුතු කිරිමේ ප්‍රතිඵලයක් වශයෙන් ආබාධ සහිත වුවන් සදහා ප්‍රවේශ පහසුකම් ලබාගැනිමට හැකි වුවා.මේ අයුරින් තමයි ඔවුන්ගේ අයිතිවාසිකම් දිනාගත හැක්කේ යැයි පැවසීය.
     
    මෙම ඇගයුම් උළෙලේ දි කොලොන්නාව ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ ස්වශක්ති සංවිධානය ප්‍රථම ස්ථානය ද  කඩුවෙල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශය දෙවන ස්ථානය ද ශ්‍රි  ජයවර්ධන පුර ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශය තෙවන ස්ථානය ද ලබා ගන්නා ලදි.මෙම උපහාර සම්මාන දිස්ත්‍රික් ලේකම්වරයා විසින් ප්‍රදානය කරන ලදි.
     
    ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශ මට්ටමේ ක්‍රියාකාරින් වන සභාපතිවරුන්,ලේකම් වරුන් හා භාණ්ඩාගාරික වරුන් ඇතුලු නිලධාරින්ට උපහාර  පිදිම දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සමාජ සේවා නිලධාරි එච්.එම්.ජයන්ත ප්‍රේමලාල් විසින් ඉටුකරන ලදි.
     
    මෙම කාර්යය සදහා අනුග්‍රාහක ආයතන ලෙස සුවිශාල කාර්යය භාරයක්  SLVOLUNTEERS  හා ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය ඉටු කරන ලදී. ආබාධ සහිත වුවන්ගේ දෙමාපියන්, භාරකරුවන්ගේ අයිතිවාසිකම් සුරක්ෂිත කිරිම,ජිවනෝපාය සංවර්ධනය හා ආබාධ සහිත වුවන් ප්‍රධාන සංවර්ධන ධාරාවට යොමුකර ගැනිමේ අරමුණින් සමාජ සේවා දෙපාර්තමේන්තුව හා කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ PROJECT ABROAD මෙහෙයවිමෙන් ස්වශක්ති සංවිධාන හා ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශ  සදහා උපහාර තිළිණ පිදිම අතිරේක දිස්ත්‍රික් ලේකම් සුනිල් ගලගම  මහතා විසින් සිදු කරන ලදි.
     
    AP/DMU-Colombo
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya