ජනවාරි 11, 2025
tami eng youtube  twitter facebook

    ගී රස වින්දන වැඩසටහනක් මාතර දී

    ජනවාරි 07, 2016
    මානසික ආතතිය කළමනාකරණය සඳහා වන ගී රස වින්දන වැඩසටහනක් පසුගියදා මාතර දිස්ත්‍රික් ලේකම් ඊ. ඒ. සී. විදානගමාච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ගාමිණී ජයසේකර ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.
    ඒකාකාරී ජීවන රටාවකට හුරු වී සිටින රාජ්‍ය නිලධාරීන්ගේ මානසික ආතතිය යම් තරමකට හෝ අවම කර ගැනීම සඳහා මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සේවය කරන සියලු ම රාජ්‍ය නිලධාරීන් වෙනුවෙන් මෙම වැඩ සටහන සංවිධානය කර ඇත.
     
    ගීත ගායන හැකියාව සහිත කාර්යාලීය නිලධාරීන් මෙහි දී ගීත ගායනයට එක් වූහ.
     
    මේ පිළිබඳව අදහස් දැක් වූ දිස්ත්‍රික් ලේකම්වරිය පැවසුවේ මෙවැනි අවස්ථා සංවිධානය කිරීම මගින් නිලධාරීන්ගේ මානසික ආතතිය කළමනාකරණය වනවා සේම නිලධාරීන්ගේ එකමුතුකම වර්ධනය වීමත් විවිධ හැකියාවන් සහිත නිලධාරීන් හඳුනා ගැනීමට අවස්ථාව උදාවීමත් සිදුවන බවයි. එම නිසා ඉදිරියේදීත් මෙවැනි වැඩසටහන් පැවැත්වීම උචිත බව වැඩිදුරටත් පැවසුවා ය.
    AP/DMU-Matara
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya