ජනවාරි 10, 2025
tami eng youtube  twitter facebook

    ගාල්ල දිස්ත්‍රික් බක් මහ උළෙල හෙට

    අප්‍රේල් 18, 2016
    ගාල්ල දිස්ත්‍රික් බක් මහ උළෙල අප්‍රේල් මස 19 දවස පුරා ගාල්ල පාපන්දු ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතය.
    බයිසිකල් ධාවන තරඟ, මැරතන් ධාවන තරඟ, අවුරුදු කුමරිය, කඹ ඇදීම, ජන ගායනා, රබන් ගැසීම,විශේෂ අවශ්‍යතා සහිත වූවන්ගේ ක්‍රීඩා තරඟ, පොල් ගෑම, කොට්ටා පොරය ,කණා මුට්ටිය ඇතුළු තවත් ජන ක්‍රීඩා රැසකට ලොකු කුඩා සැමට සහභාගී වීමට අවස්ථාව මෙහිදී හිමිවේ.
     
    මෙම තරඟාවලියේ ප්‍රමුඛස්ථානය බයිසිකල් ධාවන තරඟයට හිමිවේ.පිරිමි බයිසිකල් ධවන තරඟය කි‍ලෝමීටර් 80කින් සමන්විත වන අතර කාන්තා තරඟය කි‍ලෝමීටර් 30 කින් සමන්විත වේ. මෙහි පළමු ස්ථානයට  රුපියල් 30,000ක මුදල් ත්‍යාගයක් හිමිවන අතර දෙවන ස්ථානයට රු 25,000 ක ආදී වශයෙන් සෙසු දස දෙනාට සැනසිලි තෑගි ලබා දීමට නියමිතය.
     
    පිරිමි මැරතන් තරඟය දුර කිලෝමීටර් 08 කින් සමන්විත වන අතර කාන්තා තරඟය කිලෝමීටර් 06කින් සමන්විත වේ. අවුරුදු කුමාරිය තරඟයේ පළමුවැනියාට ද මුදල් ත්‍යාගයක් ලබාදීමට නියමිත අතර සියළුම තරඟ උදෑසන 8.30ට ගාල්ල පාපන්දු ක්‍රීඩාංගණය අසලින් ආරම්භ වේ. 
     
    බයිසිකල් ධාවන තරඟය සඳහා සියළුම අයදුම් පත්‍ර ගාල්ල දිස්ත්‍රික්කයේ සියළුම ප්‍රාදේශීය ලේකම් කාර්යාල වලින් සහ ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයෙන් ලබා ගත හැක. මේ පිළිබඳව වැඩි විස්තර( 0775388177 ) සුගත් ලොකුගේ මහතාගෙන් ලබා ගත හැක.
     
    ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සහ ගාල්ල කඩවත් සතර ප්‍රාදේශීය ලේකම් කාර්යාලය එක්වී මෙම බක්මහ උළෙල සංවිධානය කර ඇත.
     
    AP/DMU-Galle
     
     
     
     
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya