ජනවාරි 10, 2025
tami eng youtube  twitter facebook

    පොසොන් උත්සවයට අනුරපුර සැරසෙයි

    ජූනි 09, 2016
    මිහින්තලා රාජ මහා විහාරාධිපති පුජ්‍ය වලවාහැංගුනවැවේ ධම්මරතන හිමියන්ගේ මුලිකත්වයෙන් හා නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක, පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක, අධිකරණ හා බුද්ධ ශාසන නියෝජ්‍ය අමාත්‍ය දුෂ්මන්ත මිත්‍රපාල යන මහත්වරුන්ගේ සහභාගීත්වයෙන් අනුරාධපුර පොසොන් උත්සවය සහ මිහින්තලය පූජා නගරය සංවර්ධනය පිළිබද සාකච්ජාවක් පසුගියදා අරලියගහ මන්දිරයේදී පැවැත්විණි. 
    මෙහිදී එළඹෙන පොසොන් සමයේදී මිහින්තලය පුදබිම වැදපුදා ගැනීමට පැමිණෙන බැතිමතුන්ගේ පහසුව උදෙසා අවශ්‍ය සනීපාරක්ෂක පහසුකම් ඇතුලු සෙසු පහසුකම් සැපයීම පිළිබදවද මෙහිදී  සාකච්ජා කරනු ලැබීය. සාගල රත්නායක අමාත්‍යවරයා පෙන්වාදෙනු ලැබුවේ මිහින්තලය පුදබිම පූජා නගරයක් ලෙස සංවර්ධනය කිරීම සදහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමේදී මිහින්තලය පුදබිමෙහි පවත්නා පුරාවිද්‍යාත්මක බව සහ ඉපැරණිබව රැකෙන පරිදි පුදබිම සංවර්ධනය කිරීම රජයේ අරමුණ බවයි. එමෙන්ම මිහින්තලය පුදබිම සංවර්ධනයේදී රජයේ අනුග්‍රහයෙන් යුතුව අවශ්‍ය ආයතන සමග සම්බන්ධවී ක්‍රියාකරන බවද පෙන්වාදෙනු ලැබිය.
     
    වැඩිදුරටත් අමාත්‍ය සාගල රත්නායක මහතා පෙන්වාදෙනු ලැබුවේ උත්සව සමයේ විශාල පිරිසක් මිහින්තලා පූජා නගර ප්‍රදේශයට පැමිණෙන නිසාවෙන් එම ප්‍රදේශයේ නීතිය හා සාමය නිසි ලෙස පවත්වා ගනිමින් පැමිණෙන බැතිමතුන්ට ආරක්ෂාව සැලසීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙසද පොලීසියට උපදෙස් දෙනු ලැබීය.
     
    උත්සව සමයේ අනුරාධපුරයේ වැව් ආශ්‍රිතව නාවික හමුදාව හා පොලීසිය එක්වී ජීවිතාරක්ෂක කණ්ඩායම් යොදවන ලෙසද අමාත්‍යවරයා මෙහිදී උපදෙස් දෙනු ලැබීය. සනීපාරක්ෂක සහ සෙසු පහසුකම් සංවර්ධනය කිරීමේ කටයුතු කඩිනම්ව සිදුකරන ලෙසද  පැමිණෙන බැතිමතුන්ට අපහසුතාවයකින් තොරව වැදපුදා ගැනීම් කටයුතු කරගැනීමට අවස්ථාව සලසන ලෙසද නිලධාරීන්ට උපදෙස් දෙනු ලැබීය. උත්සව සමයේ රථවාහන තදබදය අඩුකොට පූජා භූමි ප්‍රදේශයේ නිසි රථවාහන සැලසුමක් ක්‍රියාත්මක කරන ලෙසද අමාත්‍යවරයා උපදෙස් දෙනු ලැබීය.
     
    මෙම අවස්ථාවට වැඩබලන පොලිස්පති, අනුරාධපුර දිසාපති, පුරාවිද්‍යා කොමසාරිස් සහ ලේක් හවුස් ආයතනයේ සභාපති කාවන් රත්නායක යන මහත්වරුන් ඇතුලු රජයේ සහ ආරක්ෂක අංශයේ නිලධාරීන් රැසක්ද මෙම අවස්ථාවට සහභාගී වී සිටියහ.
     
    AP
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya