ජනවාරි 10, 2025
tami eng youtube  twitter facebook

    ජනමාධ්‍ය ඡායාරූපකරණයෙන් අන්තර්ජාතික FIAP රන් සම්මානය දිනයි

    ජූනි 11, 2016

    ස්ලෝවෙකියාවේ, Slovak Federation of Photographers සංවිධායනය තුන්වන වරටත් පවත්වනු ලැබූ අන්තර්ජාතික 3rd International Salon of Photography "SPRING FOTOSALON BARDAF" ඡායාරූප තරඟාවලියෙන් ජනමාධ්‍ය ඡායාරූපකරණය අංශයෙන් ''FIAP රන් සම්මානය’’ ජයග්‍රහනය කිරීමට ඡායාරූප ශිල්පිනී යමුනී රශ්මිකා පෙරේරා මහත්මිය සමත් වී තිබේ.


    මෙම අන්තර්ජාතික ඡායාරූප තරඟාවලියේ දී ශ්‍රී ලාංකික ඡායාරූප ශිල්පිණියක් රන් සම්මානයෙන් පිදුම් ලබන්නේ ප්‍රථමවරටය. මෙහි දෙවැනි ස්ථානය හන්ගේරියාවට ( රිදී සම්මානය ) ද තෙවැනි ස්ථානය ඉන්දියාවට ( ලෝකඩ සම්මානය ) ද හිමිව තිබේ.


    රටවල් 50ක, 300කට වැඩි ඡායාරූප ශිල්පීන්ගේ ඡායාරූප මෙම තරඟාවලියට ඉදිරිපත් කර තිබිණි.මීට පෙර අන්තර්ජාතික ඡායාරූප තරඟ රැසකින් ජයග්‍රහණ හිමිකර තිබෙන යමුනී රශ්මිකා පෙරේරා, ප්‍රංශයේ ජාත්‍යන්තර ඡායාරූප කලා සම්මේලනය මඟින් පිරිනමන ඡායාරූප කලාවේ දී FIAP සම්මානයෙන් පිඳුම් ලැබූ ප්‍රථම ශ්‍රී ලාංකිය ඡායාරූප කලාවේදිනියද වෙයි. මේ වනවිට රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඡායාරූප ශිල්පිණියක ලෙස යමුනී රශ්මිකා මහත්මිය සේවය කරයි.

     

    ayamuni pic

    ජයග්‍රහනය හිමිකරගත් ඡායාරූපය-Our Request

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya