අප්‍රේල් 19, 2025
tami eng youtube  twitter facebook

    මාතර ප්‍රාදේශිය සාහිත්‍ය කලා මහෝත්සවය උත්කර්ෂවත්ව පැවැත්වෙයි

    සැප්තැම්බර් 28, 2017

    සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව හා මාතර ප්‍රාදේශිය ලේකම් කාර්යාලය එක්ව වාර්ෂිකව සංවිධානය කරනු ලබන මාතර ප්‍රාදේශිය සාහිත්‍ය කලා මහෝත්සවය මෙවරත් ඉතා උත්කර්ෂවත් අන්දමින් කොකාවෙල මධ්‍ය මහා විද්‍යාලයේ දී පැවැත්විණි.

    සාහිත්‍ය තරඟ වලින් ජයග්‍රහණය කළ ජයග්‍රාහක ජයග්‍රාහිකාවන් සඳහා ත්‍යාග හා සහතිකපත් පිරිනැමීම මෙහි දී සිදු කෙරිණි.

    දේශීය ගැමි නාද මාලා සහ දේශීය ගැමි නාද මාලා ඇසුරු කර ගනිමින් නිර්මාණය කරන ලද ගීත සහිත ප්‍රාසංගික රසාස්වාදන අත්දැකීමක් සහන් රන්වල මහතා ප්‍රමුඛ රන්වල බලකාය විසින් ඉදිරිපත් කරන ලදි.

    නැටුම් ගැයුම් වැයුම් වලින් සුපෝෂිත කොකාවෙල මධ්‍ය මහා විද්‍යාලයේ දරු දැරියන්ගේ ප්‍රාසංගික දක්ෂතා එළිදැක්වීම ද සිදු විය.

    මේ අවස්ථාවට මාතර කඩවත්සතර ප්‍රාදේශිය ලේකම් ඩී.ඩී.කේ.වික්‍රමආරච්චි මහතා, සහකාර ප්‍රාදේශිය ලේකම් එච්.එම්.එස්.ආර්.කරුණාරත්න මහතා, කොකාවෙල මධ්‍ය මහා විද්‍යාලයේ විදුහල්පති චන්ද්‍රසිරි මොහොට්ටි මහතා, මාතර දිස්ත්‍රික්කයේ සංස්කෘතික නිලධාරීන් ඇතුළු රාජ්‍ය නිලධාරීන්, ප්‍රදේශයේ සාහිත්‍යවේදීන්, පාසල් දරු දැරියන් හා ජයග්‍රාහක ජයග්‍රාහිකාවන් ඇතුළු පිරිසක් සහභාගි වී සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya