මෙහිදී ප්‍රවීණ කලාකරුවන් දස දෙනෙකුට විශ්‍රාම වැටුප් හිමිකම් අග්‍රාමාත්‍යවරයා විසින් පිරිනැමීය.
චිත්‍රපට සංස්ථාව විසින් ජාත්‍යන්තර සිනමා සංරක්ෂණ ආයතනයන්හි සහයෝගීත්වයෙන් සංවිධානය කළ "චිත්‍රපට පෝස්ටර් ඡායාරූප හා ලේඛන සංරක්ෂණ වැඩමුළුව" ට සහභාගී වුවන්ට සහතික පත් ප්‍රදානයද මෙහිදී සිදුවිය. ඒ සඳහා රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් සහභාගී වූ ඡායාරූප අංශයේ නිශාන්ත පිරිස් සහ තුසිත චන්ද්‍රකුමාර යන මහතුන්ද සහතික පත් ලැබුහ.