උඩුනුවර ගඩලාදෙණිය ඓතිහාසික ශ්‍රී විෂ්ණු දේවාලයේ වාර්ෂික ඇසළ පෙරහර මංගල්‍යය අද (06) කප් සිටුවීමෙන් ආරම්භ කිරීමට නියමිතය.
ලබන 20 දින දක්වා මේ ඇසළ පෙරහර මංගල්‍යය පැවැත්වීමට කටයුතු යොදා ඇත. කප් සිටුවීමෙන් පසු ඇරඹෙන මේ පෙරහර මංගල්‍යයේ ඇතුල් පෙරහර ලබන 10 දින පැවැත්වේ.
ලබන 11 සිට 15 දින දක්වා කුඹල් පෙරහරත් 16 දින සිට 19 දින දක්වා මහ පෙරහරත් පැවැත්වෙන අතර අවසන් මහ පෙරහර 20 දින රාත්‍රී වීදි සංචාරය කරනු ඇත.
පේරාදෙණිය ගැටඹේ තොටේදී දිය කැපීමෙන් පසු 21 වෙනි දින දහවල් පෙරහරින් මේ ඇසළ පෙරහර මංගල්‍යය නිමාවට පත් වේ.
NDH