රාජ්‍ය ළමා නාට්‍ය උළෙල වෙනුවෙන් සිංහල, දෙමළ හා ඉංග්‍රීසි ළමා නාට්‍ය එක ම වේදිකාවේ දී පැවැත්වේ. ළමා නාට්‍ය උළෙලේ අවසන් වටය සඳහා භාෂා තුනෙන් ම සීමිත අංශයෙන් ළමා නාට්‍ය 30ක් හා විවෘත අංශයේ නාට්‍ය ළමා නාට්‍ය 18ක් වේදිකාගත කිරීමට නියමිතය.
රාජ්‍ය ළමා නාට්‍ය උළෙල වෙනුවෙන් රඟ දැක්වෙන සියලු ම නාට්‍ය නොමිලේ නැරඹීමට අවස්ථාව සලසා ඇති අතර එම නාට්‍ය නැරඹීමට පැමිණෙන ලෙස පාසල් සිසුන් ඇතුළු සියලු දෙනාට සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව විවෘතව ආරාධනා කරයි.
සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍යාංශයේ උපදෙස් පරිදි සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව හා ශ්‍රී ලංකා කලා මණ්ඩලයේ රාජ්‍ය නාට්‍ය අනුමණ්ඩලය එක් ව මේ උළෙල සංවිධාන කරනු ලබයි.
DB



















