ඒ අනුව අද (17) වැල්ලවත්ත, ශාන්ත ලෝරන්ස් කන්‍යාරාමයේ "අලුත් කරත්තේ", මඩුකෝවිල් සින්නපන්චි විරිච්චාන් විද්‍යාලයේ "කට්රිරු පාඩම් කන්දිරු ඉන්බම්", කොළඹ, මියුසියස් විද්‍යාලයේ "මැජික් බොක්ස්", එම්.ඩී.ඩී. නිල්මිණි, කේ. දසනායකගේ "අපි දිනුවෝ" ළමා නාට්‍ය සතර වේදිකාගත කෙරේ.
ඊයේ (16) කළුතර බණ්ඩාරගම මධ්‍ය මහා විද්‍යාලයේ "අපටත් නායකයෙක්", තඩලගාම කුලක්කෝට්ටම් දෙමළ විද්‍යාලයේ "ඔන්රු පට්ටල් උන්ඩු වාල්වු", හලාවත නාත්තන්ඩිය ධම්මිස්සර මධ්‍ය මහා විද්‍යාලයේ "ද බෙස්ට් ගිෆ්ට්", එස්. අරඹේගෙදර ගේ "අපි අපි යාළුයි" ළමා නාට්‍ය සතර වේදිකාගත කෙරුණි.
සිංහල, දෙමළ හා ඉංග්‍රීසි ළමා නාට්‍ය එක ම වේදිකාවේ දී පැවැත්වෙන මෙම ළමා නාට්‍ය උළෙලේ අවසන් වටය සඳහා භාෂා තුනෙන් ම සීමිත අංශයෙන් ළමා නාට්‍ය 30ක් හා විවෘත අංශයේ නාට්‍ය ළමා නාට්‍ය 18ක් තේරාගෙන ඇත.
සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍යාංශයේ උපදෙස් පරිදි සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව හා ශ්‍රී ලංකා කලා මණ්ඩලයේ රාජ්‍ය නාට්‍ය අනුමණ්ඩලය එක් ව 2014 රාජ්‍ය ළමා නාට්‍ය උළෙල සංවිධාන කරනු ලබයි.
DB



















