ජනවාරි 08, 2025
tami eng youtube  twitter facebook

    2024 රාජ්‍ය චිත්‍ර හා මූර්ති සම්මාන ප්‍රදානෝත්සවය උත්කර්ෂවත්ව පැවැත්වෙයි 

    දෙසැම්බර් 09, 2024

    2024 රාජ්‍ය චිත්‍ර හා මූර්ති සම්මාන ප්‍රදානෝත්සවය පසුගිය (06) අරලියගහ මන්දිරයේ දී උත්කර්ෂවත්ව පැවැත්විණි. 

    මෙහි ප්‍රධාන ආරාධිතයා ලෙස මහාචාර්යය සුනිල් සෙනෙවි මහතා සහභාගී වූ අතර, එහි දී  'දෘශ්‍යකලාභීමානි' සම්මානයෙන් ප්‍රවීණ චිත්‍ර ශිල්පී එස්. එච්. සරත් මහතා පිදුම් ලැබිණි. එසේම තවත් අංශ රාශියක් සඳහා සම්මාන පිරි නැමිණි.

    භූ දර්ශන ප්‍රථම ස්ථානය - සේනක හේවගේ,

    නිර්මාණාත්මක පින්තාරු ප්‍රථම ස්ථානය -  ජී. සි.ජයනි දිල්රුක්ෂි,

    සාම්ප්‍රදායික චිත්‍ර ප්‍රථම ස්ථානය - ඕ. එල්. සම්පත් ප්‍රනාන්දු,

    නිර්මාණාත්මක මූර්ති ප්‍රථම ස්ථානය - පී. ඩී. චන්දන ගුණතිලක,

    සාම්ප්‍රදායික මූර්ති ප්‍රථම ස්ථානය - ආර්. ඒ. එල්. ඒ. උදයකුමාර,

    රේඛා ඇඳීම ප්‍රථම ස්ථානය - අයි. සේනක හේවගේ,

    නිර්මාණාත්මක මුද්‍රණ කලාව - ප්‍රථම ස්ථානය පී. ජී. සී. දිලූෂිකා බණ්ඩාර යන මහත්ම මහත්මීහු සම්මානවලින් පිදුම් ලැබූහ.

    බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය, සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා කලා මණ්ඩලය සහ රාජ්‍ය දෘශ්‍ය කලා උපදේශක සභාව එක්ව මෙම උලෙළ සංවිධානය කෙරිණි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya