ජනවාරි 11, 2025
tami eng youtube  twitter facebook

    පෙබරවාරි 03 සහ 04 ජාතික කොඩිය ඔසවා තබන්න

    ජනවාරි 29, 2015

    පෙබරවාරි මස 04වන දිනයට යෙදෙන 67 වන ජාතික නිදහස් දිනය නිමිත්තෙන් එළඹෙන පෙබරවාරි මස 03 සහ 04 යන දෙදින තුළ නිවෙස්වල, ව්‍යාපාරික ස්ථානවල හා රාජ්‍ය හා පෞද්ගලික ආයතනවල ජාතික කොඩිය ඔසවා තබන ලෙස ස්වදේශ කටයුතු හා ධීවර අමාත්‍යාංශය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

    ජාතික කොඩිය යනු රටක අනන්‍යතාව ලොවට පෙන්වන ප්‍රධාන සංකේතයයි. ජාතියේ හා මාතෘ භූමියේ ඵෙතිහාසික පසුබිම, පෞඩත්වය, සෛවරිභාවය හා ස්වාධීනත්වය ද ශ්‍රී ලාංකේය ජනතාවගේ එක්සත්භාවය හා සමානාත්මතාව ද අපේ ජාතික කොඩියෙන් පෙන්නුම් කෙරේ. ජාතික කොඩිය හා ජාතික ගීය ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජ ව්‍යවස්ථාවේ ද ප්‍රධාන කොටසකි.

     

    මෙම අභිමානවත් දිනයේ සෑම වැදගත් ස්ථානයකම ද ජාතික කොඩිය ඔසවා ගෞරව දක්වා ශ්‍රී ලාංකීය පෞඩත්වය ඔප් නංවන ලෙස ද ස්වදේශ කටයුතු හා ධීවර අමාත්‍යංශය සියලුම ලක්වාසීන්ගෙන් ඉල්ලා සිටී.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya