ජනවාරි 11, 2025
tami eng youtube  twitter facebook

    අරංගේත‍්‍රම් මංගල්‍යය 21 දා මීගමුව අවේ මරියා ශ‍්‍රවණාගාරයේ දී

    පෙබරවාරි 17, 2015

    භරත නාට්‍ය සම්ප‍්‍රදායට අනුව ගොඩනැගුණ අරංගේත‍්‍රම් නාට්‍ය සංදර්ශනයක් ලබන 21 වැනි දින මීගමුව ආවේ මරියා විද්‍යාලයීය ශ‍්‍රවණාගාරයේ දී පැවැත්වීමට නියමිතය.

    සරසා එරන්දතී මහත්මියගේ කලායතනයේ රංගන ශිල්පීන්ගේ ඉදිරිපත් කිරීමක් වන මෙම අරංගේත‍්‍රම් සංදර්ශනය භරත නාට්‍ය සම්ප‍්‍රදායේ අගයන්ට මුල්තැන දෙමින් හා එම නාට්‍ය සම්ප‍්‍රදාය එලෙසින්ම රැකගනිමින් නව්‍යතාවකින් ඉදිරිපත් කෙරේ.

     

    මෙම නර්තන සම්ප‍්‍රදාය හින්දු භක්තිකයින් අතර මුල් බැසගත් ආගමික විශ්වාසයක් මත ගොඩනැගුණු නාට්‍ය සම්ප‍්‍රදායක් වන අතර එය හුදෙක් දෙවියන්ට තුති ප‍්‍රසංසා කිරීම වෙනුවෙන් යොදා ගැනිණි.

     

    අතීතයේ මෙම නාට්‍ය සම්ප‍්‍රදාය කර්නාටක සංගීතයට අනුව යමින් ද්‍රවිඩ ,තෙළිඟු හා සංස්කෘත භාෂාවන්ට අනුකුලව ගීත ගායනය සිදු විය.නමුත් පාසල්වල දෙමළ දරුදැරියන්ට අමතරව සිංහල දරුදැරියන් ද මෙම නාට්‍ය විශේෂය අමතර විෂයක් ලෙස හදාරන බැවින් ඔවුන්ද නර්තනයේ යෙදීම මෙම අරංගේත‍්‍රම් සංදර්ශනයේ විශේෂත්වයකි.

     

    මෙම සංදර්ශනයේ ගීත පද රචනය වෛද්‍ය ලිහිරු සාරංග මහතා සහ ගායනය ඉ‍සෛයිකලාමනී ධාරණී රාජ්කුමාර් මහත්මිය විසින් සිදු කර ඇත.

     

    kpm

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya