ජනවාරි 11, 2025
tami eng youtube  twitter facebook

    ආචාර්ය පණීභාරත ජන්ම දින සහ ජාතික නර්තන දින සැමරුම් උත්සවය හෙට

    පෙබරවාරි 23, 2015
    ජාතික නර්තන දින සැමරීම් උළෙල හා පණීභාරත ගුණ සමරු උත්සවය සංස්කෘතික කටයුතු රාජ්‍ය අමාත්‍ය නන්දිමිත්‍ර ඒකනායක මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට (24) ප.ව. 2.30ට සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ නර්තන හා නාට්‍ය කලා පීඨයේ ප්‍රධාන ශාලාවේ දී පැවැත්වේ.
     
    මෙවර ජාතික නර්තන දින සැමරුමේ දී සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ නර්තන හා නාට්‍ය කලා පීඨයේ ප්‍රධාන රංග ශාලාව "පණීභාරත රංග ශාලාව"ලෙස නම් කිරීම කරනු ලබනු අතර දේශීය නර්තන ක්ෂේත්‍රයට කරන ලද සේවය අගයා ප්‍රවීණ නර්තන ශිල්පීන් වන ආචාර්ය වෛද්‍යවතී රාජපක්ෂ, පද්මිණී දහනායක , ඒඩින් වීරසිංහ , යූ.කේ. ගුණවර්ධන යන කලා ශිල්පීන්ට ගෞරව සම්මාන පුද කිරීම ද සිදු කෙරේ.
     
    ජාතික නර්තන දින සැමරුම් උත්සවය සංස්කෘතික කටයුතු අමාත්‍යංශයේ උපදෙස් පරිදි සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව හා ශ්‍රී ලංකා කලා මණ්ඩලයේ රාජ්‍ය නර්තන අනුමණ්ඩලය මඟින් සංවිධානය කර ඇත.
     
    2006 වර්ෂයේ  සෑම වසරකම පණීභාරත මහතා‍ගේ උපන්දිනය වන පෙබරවාරි 24දා ජාතික නර්තන දිනය ලෙස නම් කර ඇත. 
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya