ජනවාරි 10, 2025
tami eng youtube  twitter facebook

    ගම්පහ දහම් පාසල් සිසු නිපුණතා ඇගයීම් ත්‍යාග ප්‍රදානය හෙට

    පෙබරවාරි 27, 2015

    බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව සහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය එක්ව සංවිධානය කර සමස්ත ලංකා දහම් පාසල් සිසු නිපුණතා ඇගයීම් වැඩසටහනේ ගම්පහ දිස්ත්‍රික් සිසු නිපුණතා ඇගයීම් ත්‍යාග සහ සහතිකපත් ප්‍රදානෝත්සවය බියගම, හෙයියන්තුඩුව, මාබිම, තායි ශ්‍රී ලංකා බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානයේදී හෙට (28) පස්වරු 2.30ට පැවැත්වේ.


    පෑලියගොඩ විද්‍යාලංකාර පරිවේණාධිපති, කැලණිය විශ්වවිද්‍යාලයේ කුලපති අති ගෞරව ආචාර්ය වැලිමිටියාවේ කුසලධම්මාභිධාන නාහිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම උත්සවයට ගම්පහ දිස්ත්‍රික්කයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, පළාත් සභා අමාත්‍යවරුන්, සහ නගරාධිපතිවරුන්, ප්‍රාදේශීය සභා සභාපතිවරුන් ඇතුළු පිරිසක් සහභාගිවීමට නියමිතය.

     

    පසුගිය වසරේ ගම්පහ බණ්ඩාරනායක විදුහලේ පැවති සිසු නිපුණතා වැඩසටහනේදී ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ශාසනාරක්ෂක මණ්ඩල 18ක් අතුරින් සිසු නිපුණතා ඇගයීම් 39ක් සහභාගි වූ අතර සිසු දරු දැරියන් 702 දෙනෙකුගෙන් ප්‍රථම ස්ථාන 5ක් සඳහා තේරුණු සිසුන් 195 දෙනෙකු සඳහා ත්‍යාග සහ සහතිකපත් ප්‍රදානය සිදු කරන බව ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය බෞද්ධ කටයුතු අංශය වැඩිදුරටත් පවසයි.

    kpm/dmu_Gampaha

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya