හොඳින් වේලන ලද දේශීය ලොකු ලූනු කිලෝවක් රු.80කට මිලදී ගැනීමට පියවර ගන්නා ලෙස ජිවන වියදම් කමිටුව සතොස ආයතනයට උපදෙස් දුන්නා යැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.
පාසල්වලට සිසුන් ඇතුළත් කරගැනීමේ දී යම් අසාධාරණයක් සිදු වී ඇතැයි පෙනීයන්නේ නම් තොරතුරු දැනගැනීමේ පනත මගින් ලබා දී ඇති අවස්ථා උපරිම ප්‍රයෝජනයට ගනිමින් ඒ පිළිබඳව අදාළ නිලධාරීන් සහ විදුහල්පතිවරුන්ගෙන් අවශ්‍ය තොරතුරු ලබාගන්නා ලෙස අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා මව්පියන්ගෙන් ඉල්ලා සිටී.
පැහැදිළි ජාතික සැලැස්මකට අනුව කි‍්‍රයාවට නංවන ලද නිවාස ප‍්‍රතිපත්තිය හේතුවෙන් ශ‍්‍රී ලංකාවේ සෑම පවුලකටම මූලික පහසුකම් සහිත සුරක්ෂිත නිවසක් ලබාදීමේ වැඩපිළිවෙළ යථාර්ථයක් කර ගැනීමට වත්මන් රජයට හැකියාව ලැබුණු බව ජනාධිපතිතුමා පවසයි.
ශ‍්‍රී ලාංකේය සාහිත්‍ය ක්ෂේත‍්‍රය පෝෂණය කිරීමට උරදුන් ලේඛක ලේඛිකාවන් රාජ්‍ය සම්මානයෙන් පුදනු ලබන රාජ්‍ය සාහිත්‍ය සම්මාන උලෙළ 2018 ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලවේ දී පැවැත්විණි.