සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය 12 වෙනි වරටත් සංවිධානය කරනු ලබන බෞද්ධ සාහිත්‍ය උලෙළ 2018 සැප්තැම්බර් මස 14 වන දින ප.ව 2.30 බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ ලෝටස් ශාලා පරිශ්‍රයේ දී ස්‍යාමෝපාලී මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශවයේ මහා නායක අතිපූජ්‍ය වරකාගොඩ ධම්මසිද්ධි ශ්‍රී පඤ්ඤානන්ද ඤාණරතනාභිධාන මහානායක ස්වාමින්වහන්සේගේ මූලාසනයෙන්,බුද්ධශාසන ඇමැති ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතාගේ හා උසස් අධ්‍යාපන ඇමති ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතාගේ සහභාගීත්වයෙන් පැවැත්වෙයි
යාපනය දිස්ත්‍රික්කයේ කෝපායි ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ මෙතෙක් නොවිසඳුණු ගැටලු 27,189 ක් විසඳීම සඳහා ''නිල මෙහෙවර" ජනපති ජනතා සේවය අද (14) ක්‍රිස්තියානි විද්‍යාලයේ දී දිනය පුරා පැවැත්වෙයි.
ජනාධිපති ලේකම් කාර්යාලය හා බුද්ධ ශාසන අමාත්‍යාංශය එක්ව සංවිධානය කරනු ලබන අනගාරික ධර්මපාල තුමාගේ 154 වැනි ජන්ම දින සාංවත්සරික ජාතික උත්සවය 2018 සැප්තම්බර් 17 වන දින ප.ව 3 සිට 5 දක්වා බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විමට කටයුතු යොදා ඇති බව බුද්ධ ශාසන අමාත්‍ය ගාමිණි ජයවික්‍රම පෙරේරා මහතා අද (13) රජයේ ප්‍රවාත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවක දි පැවසීය.
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට සංවිධානය කරන ජ්‍යේෂ්ඨ ජාත්‍යන්තර වොලිබෝල් තරඟාවලිය සැප්තැම්බර් 15 දින කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේ දී පැවැත්වෙන බව ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ සභාපති,විදුලි බල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.