ලියාපදිංචි විදේශ රැකියා නියෝජිත ආයතන ඔස්සේ ශ්‍රමිකයින් පිටත් කර යැවීමේදි අදාල නියෝජිත ආයතවලට ප්‍රතිපූර්ණය කරනු ලබන ලියාපදිංචි ගාස්තුවලින් රුපියල් ලක්ෂ එකොලහක මුදලක්, විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් ක්‍රියාත්මක කරනු ලබන සුබසාධන කටයුතු සදහා යොදා ගැනීම සදහා කාර්යාංශයේ අධ්යක්ෂ සහ කුරුණෑගල ට්‍රාන්ස් ගල්ෆ් විදේශ රැකියා නියෝජිත ආයතනයේ කළමනාකරණ අධ්යක්ෂ ෆස්ලි රෆයිඩීන් මහතා විසින් කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා වෙත ප්රදානය කරනු ලැබුවේය.
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනනය කරයි.
ඊට දායකවන සියලු දෙනාට පහසුකම් සැලසීමට රජය සුදානම් – “හිල්ටන් යාල රිසෝර්ට්” අති සුඛෝපභෝගී හෝටලය විවෘත කරමින් ජනපති පවසයි.