එක්ස්ප්‍රස් පර්ල් නෞකා විනාශය සහ ඒ් සම්බන්ධව වන්දි ලබා ගැනීම සඳහා වු ක්‍රියාමාර්ගවල වර්තමාන ප්‍රගතිය සලකා බැලීම සඳහා =10 වන දින පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී රැස් වු පරිසරය, ස්වාභාවික සම්පත් සහ තිරසාර සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවට අදාළ අංශ කැඳවා තිබිණි.
ජාතික ආහාර ප්‍රවර්ධන මණ්ඩලය යටතේ පවතින වැලිමඩ උළුගලවත්ත කාබනික ඝන පොහොර සැකසුම් මධ්‍යස්ථානයේ පොහොර නිෂ්පාදනය කිරීමේ කටයුතු (11දා ) කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කර ඇත.
ධූරධාරීන් නොමැති පළාත් පාලන ආයතන රටේ පවතින වත්මන් තත්ත්වය තුළ පවත්වාගෙන යා යුතු ආකාරය" පිළිබඳ තෙදින පුහුණු වැඩමුළු මාලාවේ බස්නාහිර පළාත් වැඩමුළුව ඉකුත්දා (11) දින පළාත් පාලනය පිළිබඳ ශ්‍රී ලංකා ආයතනයේදී පළාත් සභා හා පළාත් පාලන කටයුතු ගරු රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය.