කුරුඳු සංවර්ධනය සඳහා නව දෙපාර්තමේන්තුවක් ස්ථාපිත කිරීම සඳහා ජනාධිපතිතුමා විසින් ඊයේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ යෝජනාවට අනුමැතිය හිමිවූ බව කැබිනට් ප්‍රකාශක ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කළේය.
ජාතික ඵලදායීතාවය පිළිබඳ කොමිෂන් සභාවක් ඇතිකිරීමට ජනාධිපතිතුමා විසින් ඊයේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිවූ බව කැබිනට් ප්‍රකාශක ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කළේය.
2023 වර්ෂයේ රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල දෙවන පාසල් වාරයේ පළමු අදියර අවසන් කිරීම සහ දෙවන පාසල් වාරයේ දෙවන අදියර ආරම්භ කිරීම