නියඟය නිසා වී වගාවට සිදු ව ඇති හානිය තක්සේරු කිරීම කඩිනමින් ආරම්භ කරන ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයට උපදෙස් ලබා දී ඇත.
රටේ අනාගතය වන් දරුකැලගේ කායික මෙන්ම මානසික සංවර්ධනය තුළින් නිරෝගී දරු පරපුරක් බවට පත් කරලීම උදෙසා දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය නීතිඥ සිසිර ජයකොඩි මහතාගේ සංකල්පයකට අනුව "සුව ධරණී - සතිමත්භාවය - සති පාසල් සංකල්පය" නමින් පාසල් ළමුන් කේන්ද්‍ර කර ගත් වැඩපිළිවෙළක් දේශීය වෛද්‍ය අමාත්‍යාංශය සහ ආයුර්වේද දෙපාර්තමේන්තුව එක්ව ක්‍රියාවට නංවා ඇත.
කෘෂිකර්ම දෙපාර්තමේන්තුව නව එළවළු ප්‍රභේද දෙකක්, බිම්මල් නව ප්‍රභේදයක් හා සෝයාවලින් නිෂ්පාදිත ප්‍රෝටීන් බහුල සෝයා යෝගට් හදුන්වා දී තිබේ.
ඒ අනුව ජාත්‍යන්තර වෙළෙදපොලට උචිත මෙන්ම වැඩි අස්වැන්නක් ලබා ගත හැකි තක්කාලි හා බෝංචි ප්රභේදයන් දෙකක් අහ නව බිම්මල්ප්රභේදයක් මෙලෙස හඳුන්වා දී ඇත.
මීට අමතරව ඌණ පෝෂණයෙන් පෙළෙන දරුවන්ගේ පෝෂණ තත්ත්වයන් නංවාලිය හැකි ප්‍රෝටීන් බහුල සෝයාවලින් නිෂ්පාදිත යෝගට්විශේෂයක් ද එම දෙපාර්තමේන්තුවේ පර්යේෂණ කණ්ඩායම් නිපදවා තිබේ.
මෙම නව හදුන්වා දීම ජනගත කිරීම පසුගියදා ගන්නොරුව පැළෑටි හා ජාන සම්පත් මධ්‍යස්ථානයේ දී කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීරමහතාගේ සහභාගිත්වයෙන් සිදු කෙරිණි.
Hordi Bean 03 නමින් හැදින්වෙන බෝංචි විශේෂය වැඩි අස්වැන්නක් ලබා දෙන දිවයිනේ සෑම ප්‍රදේශයකම වගා කළ හැකි බෝංචිවිශේෂයකි. හෙක්ටයාර් එකකට මෙට්‍රික් ටොන් 27ක අස්වැන්නක් මෙම බෝංචි ප්‍රභේදය මගින් ලබා ගත හැකිය.
හඳුන්වා දෙන ලද Hordi පොකුරු තක්කාලි ප්‍රභේදයේ ඝණ ඵලාවරණයක් පවතින බැවින් අනෙකුත් තක්කාලිවලට වඩා ආරක්ෂිතව තබාගැනීමේ කාලය වැඩි වේ. එමෙන්ම සෝස් හා ජෑම් නිෂ්පාදන සදහා ඉතාමත් උචිත වන අතර ආහාර පාරිභෝජන ආකර්ෂණය සඳහා ඉතාමත්උචිත තද රතු පැහැයකින් යුක්තය. හෙක්ටෙයාර් එකකට මෙට්‍රික් ටොන් 67ක අස්වැන්නක් ලබා ගත හැකිය.
Hordi Musgroom Curly නව බිමිමල් ප්‍රභේදය ඇමරිකන් ඔයිස්ටර් හා ඇබලෝනි බිම්මල් ප්‍රභේද දෙක මිශ්‍ර කිරීමෙන් නිපදවා ඇති බවප්රභේදයක් වන අතර එහි ප්‍රෝටීන් බහුලය.
එසේම සෝයා යෝගට් නිෂ්පාදනය මෙතෙක් නිපදවා නැත. පළමුවරට සෝයා ආශ්‍රිතව නිපදවන ලද සෝයා යෝගට් කෘෂිකර්මදෙපාර්තමේන්තුව හදුන්වා දී තිබේ. ඌණ පෝෂණයෙන් පෙළෙන දරුවන්ට අවශ්‍ය ප්‍රෝටීන් ලබා දීම සඳහා ඉහළ ප්‍රෝටීන් ප්‍රමාණයක් සහිතමෙම සෝයා යෝගට් රුපියල් 20ක් වැනි මුදලකට අලෙවි කළ හැකි බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසයි.
මෙම නව නිපැයුම් හදුන්වා දීමේ අවස්ථාවට සහභාගි වූ කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේවිද්යාඥයින් ලෝකයේ අනෙකුත් රටවලට නොදෙවෙනි නිෂ්පාදන රැසක් මේ වනවිට නිපදවා ඇති බවත් ඒවා ජනගත කිරීම සදහා මේ වනවිටපියවර ගෙන ඇති බවත් සඳහන් කළේය.
මෙම අවස්ථාවට කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් මාලතී පරසුරාමන් මහත්මිය ද සහභාගි විය.
ඉදිරියේ දී එක් පාසල් වාරයක් සඳහා එක වැඩපොතක් වන සේ වාර තුන
සඳහා පාසල් වැඩපොත කොටස් තුනකින් යුතුව සිසුන් අතට
අධ්‍යාපන අමත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත