ජපාන රජය විසින් අනුග්‍රහය දක්වන යෝජිත සැහැල්ලු දුම්රිය සංක්‍රමණ ව්‍යාපෘතිය (LRT) ආරම්භ කිරීමට හැකි වනු පිණිස කොළඹ පිහිටි රාජ්‍යතාන්ත්‍රික දූත මණ්ඩලය සමඟ සාකච්ඡා නැවත සක්‍රීය කර අදාළ ගිවිසුමට එළඹීම සඳහා උචිත කාල රාමුවක් සකස් කිරීමට ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිව තිබෙන බව ජනමාධ්‍ය, ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය, කැබිනට් මාධ්‍ය ප්‍රකාශක ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කරයි.
ශ්‍රී ලංකාවේ උතුරු පළාතේ සෞඛ්‍ය සේවා සැපයීමට නෙදර්ලන්ත රජයෙන් සහනදායී ණය යෝජනා ක්‍රමයක් ලබාදී ඇතැයි කැබිනට් ප්‍රකාශක ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය.
වී, බඩඉරිගු,මිරිස් වැනි භෝග සඳහා ලබා දෙන රක්ෂණාවරණය ඉදිරියේදී රට කජු, උඳු වැනි භෝග සඳහා ද ලබා දීම සම්බන්ධයෙන් සොයා බලන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා අද (07) පාර්ලිමේන්තුවේ දී පැවසීය.
කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ දේශපාලන දිවියට වසර 32ක් සපිරීම නිමිත්තෙන් අමරවිරු පියමග පදනම විසින් සංවිධානය කළ අමරවිරු අභිමන් 32 ජනතා උපහාර උත්සවය ඊයේ(03) හම්බන්තොට මාගම් රුහුණුපුර ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්විණි.