ශී‍්‍ර ලංකා ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ මෙහෙයවීම යටතේ හංවැල්ල ප‍්‍රදේශයේ විපතට පත්වූ ජනතාව අතර පිසූ ආහාර හා වියළි ආහාර ද්‍රව්‍ය බෙදාදීමක් සිදුකරන ලදී.
ආපදාවට පත්ව සිටින ජනතාවට අවශ්‍ය අහාරපාන වියළි සළාක මළු හා බෙහෙත් වර්ග ගුවන් මගින් ලබාදීම තවදුරටත් සිදු කෙරේ.
දිවයිනේ පවතින අයහපත් කාලගුණය නිසා හටගෙන ඇති ගංවතුර හා නාය යෑම්වලින් මිය ගිය සංඛ්‍යාව අද (29) උදේ වන විට 164 දක්වා ඉහළ ගොස් ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
ආපදාවට පත් ප්‍රදේශවල ඉන්ධන සැපයුම අඛණ්ඩව සිදු කරන්නැයි ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග මහතා උපදෙස් දෙයි.