රත්නසිරි වික්‍රමනායක මැතිතුමා මහජන දේපළ පූජනීය වස්තුවක් ලෙස සැළකූ බවත් දේශපාලඥයින් ගණනාවක් රත්නසිරි වික්‍රමනායක මැතිතුමා නිර්මාණය කළ බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී විදුර වික්‍රමනායක මහතා ප්‍රකාශ කළේ ය.
රත්නසිරි වික්‍රමනායක මහතාගේ දේශපාලන ජීවිතයෙන් ගත හැකි බොහෝ ආදර්ශ රාශියක් තිබෙනවා. සිය වගකීම් ඉටු කළ සටන්කාමී නායකයෙක්. සල්ලි හම්බ නොකළ බලය වැරදි ලෙස භාවිතා නොකළ ආදර්ශමත් දේශපාලන චරිතයක්. රත්නසිරි වික්‍රමනායක මහතාගේ චරිතයේ බොහෝ දේවල් අපට ආදර්ශයට ගන්න පුළුවන් යැයි අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා ප්‍රකාශ කරයි
හිටපු අග්‍රාමාත්‍ය රත්නසිරි වික්‍රමනායක මහතා පිළිබඳ ශෝක යෝජනාව විවාදයේ අඳහස් දැක්වීමට අතිගරු ජනාධිපති මෛත්‍රිපල සිරිසේන මැතිතුමා එක් විය.
අභාවප්‍රාප්ත හිටපු අග්‍රාමාත්‍ය රත්නසිරි වික්‍රමනායක මහතා පිළිබඳ කල්තබන ලද ශෝක යෝජනාව අද (7) පාර්ලිමේන්තුවේ දී විවාදයට ගැනිණි.