පාසල් අධ්‍යාපනය සමඟ දහම් අධ්‍යාපනය ලැබීම සහ ක්‍රීඩා ක්ෂේත්‍රයට දරුවන් යොමු කිරිම ඉතා වැදගත් බවත් නොමැති නම් දරුවන් යන්ත්‍ර සුත්‍ර ලෙස ජීවත් වන බවත් ඉන් කෘත්‍රීම උගතුන් බිහි වන බවත් සෞඛ්‍ය,පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.
රටේ සහ ජනතාවගේ ප‍්‍රශ්න විසඳමින් අද ජීවත්වන ජනතාවට සේම හෙට උපදින දරුවන්ට ගෞරවණීය සහ සමෘද්ධිමත් රටක් ගොඩනඟාදීමේ වගකීම වත්මන් රජය නොපිරිහෙලා ඉටු කරන බව ජනාධිපතිතුමා පවසයි.
විශේෂ අවශ්‍යතා සහිත දරුවන් 125 දෙනෙකු සඳහා පිදෙන රාජ්‍ය සේවක දිරිය ශිෂ්‍යත්ව ප්‍රදානය අද (16)මහනුවර,උඩරට කලා සංගම් ශාලාවේදී පැවැත්වේ.
සමාජ සවිබලගැන්වීම හා සුභසාධන අමාත්‍ය එස්. බී.දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම ශිෂ්‍යත්ව ප්‍රදානය සිදු වෙයි.
රාජ්‍ය සේවය තුළ කාර්යක්ෂම උපාධිධාරියකු සිරකර තැබීම වත්මන් යහපාලන රජයේ අරමුණ නොවන බවද යැපුම් ආර්ථිකය වෙනුවට අනාගතයේ අප ගොඩනගන අපනයන ආර්ථිකය තුළ උපාධිධාරීයා නැමැති මානව සම්පතට ඉහළ ප්‍රායෝගික වටිනාකමක් නිසැකවම හිමිවනු ඇති බවද ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතා පවසයි.