ජනවාරි 13, 2025
tami eng youtube  twitter facebook

    රට ගොඩනැගීමේ උතුම් පරමාර්ථය උදෙසා සම්මුතිවාදි ආණ්ඩුව යන ගමන ඉදිරියටම යන බව ජනපති පවසයි Featured

    ජනවාරි 16, 2017

     රටේ සහ ජනතාවගේ ප‍්‍රශ්න විසඳමින් අද ජීවත්වන ජනතාවට සේම හෙට උපදින දරුවන්ට ගෞරවණීය සහ සමෘද්ධිමත් රටක් ගොඩනඟාදීමේ වගකීම වත්මන් රජය නොපිරිහෙලා ඉටු කරන බව ජනාධිපතිතුමා පවසයි.

    අද අප රටක් ලෙස සමෘද්ධිමත් ආර්ථිකයක් සමග සුබවාදී ගමනක් යන අතර ඇතැමුන් එහි අසුබ දකිමින් නොයෙකුත් විවේචන ඉදිරිපත් කළද රට ගොඩනැගීමේ උතුම් පරමාර්ථය උදෙසා තමන් සහ අග‍්‍රාමාත්‍යවරයා ඇතුළු සම්මුතිවාදි ආණ්ඩුව කැපවී සිටින බව ජනාධිපතිතුමා ප‍්‍රකාශ කළේය.

    ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මේ බව ප‍්‍රකාශ කළේ , ගාල්ල ලබුඳුව සිරිධම්ම විද්‍යාලයේ පැවති, නිල මෙහෙවර, ජනපති ජනතා සේවයේ ගාල්ල දිස්ති‍්‍රක් සමාප්ති උත්සවය අමතමිනි.

    රජයේ සියලු සේවාවන් ගමේදී ජනතාව වෙත ලබාදීමේ පුළුල් සංකල්පය අනුව ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි ස්වදේශ කටයුතු අමාත්‍යාංශය යටතේ කි‍්‍රයාත්මක වන නිල මෙහෙවර වැඩසටහන ජනතාවගේ මෙතෙක් නොවිසඳුණු ප‍්‍රශ්නවලට විසඳුම් ලබාදීමේ අරමුණින් ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශ මට්ටමින් කි‍්‍රයාත්මක කෙරේ.

    වැඩසටහනේ පළමු අදියර පසුගියදා ජනාධිපතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් පොළොන්නරුවේදී පැවැත්වුණු අතර ගාල්ල දිස්ති‍්‍රක්කයේ කි‍්‍රයාත්මක වුයේ එහි දෙවන අදියරයි. ගාල්ල දිස්ති‍්‍රක්කයේ ජනතාවට බලපාන ගැටලු විසඳීම සඳහා ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 19 ක් ආවරණයවන පරිදි නිල මෙහෙවර වැඩසටහන කි‍්‍රයාත්මක කෙරුණු අතර ඉදිරිපත්වූ ගැටලු එක්ලක්ෂ හතළිස් දහස් නවසිය පනස් හයකින් ගැටලු එක්ලක්ෂ තිස් හත්දහස් හයසිය අසු එකකට විසඳුම් ලබාදීමට හැකිවීම විශේෂත්වයකි.

    ජනතාවගෙන් කිසිදු මුදල් අයකිරීමකින් තොරව නොමිලේ උප්පැන්න, විවාහ, මරණ සහතික සහ ජාතික හැඳුනුම්පත් ලබාදීම, නොමිලේ පවත්වන වෛද්‍ය සහ අක්ෂි සායන සේවාවන්, සමෘද්ධි දීමනා, වැඩිහිටි දීමනා, විශ‍්‍රාම වැටුප් දීමනා රජය මගින් ලබාදෙන අනෙකුත් දීමනා සම්බන්ධ ගැටලු නිරාකරණය කිරීම, ඉඩම් හිමිකම් ගැටලු, බලපත‍්‍ර ගැටලු විසදීම, ගොවි, කම්කරු ගැටලු සඳහා විසඳුම් ලබාදීම, ස්වයං රැකියා අවස්ථා හඳුන්වාදීම ඇතුළු ප‍්‍රදේශයේ නොවිසඳි ඇති ප‍්‍රශ්න ජනතාව වෙතින් ලබා ගනිමින් විසඳුම් කි‍්‍රයාත්මක කිරීම මෙහිදී සිදු කෙරේ.

    මෙහි සමාප්ති උත්සවය අමතමින් ජනාධිපතිතුමා වැඩිදුරටත් ප‍්‍රකාශ කළේ ආණ්ඩුවේ ආර්ථික ප‍්‍රතිපත්ති තුළ ජාතික වශයෙන් ගන්නා තීන්දු තීරණවලදී ගාල්ල දිස්ති‍්‍රක්කයේ සංවර්ධනය වෙනුවෙන් සහ එහි ජනතාවගේ ආර්ථික තත්ත්වය ඉහළ නැංවීම සඳහා ගතයුතු පියවර ගන්නා බවයි

    රටේ සංවර්ධන ප‍්‍රතිපත්ති සහ සැළසුම් කි‍්‍රයාත්මක කිරීමේදී රාජ්‍ය අංශය මෙන්ම පෞද්ගලික ක්ෂේත‍්‍රයේ සහ පුද්ගලයින් වශයෙන් ආකල්පමය වෙනස්කම් ඇතිකර ගනිමින් ඊට දායකවීමේ වැදගත්කම ද ජනාධිපතිතුමා මෙහිදී පෙන්වා දුන්නේය.

    අද පැවති ජංගම සේවාව සඳහා එක්වෙමින් ජනාධිපති කාර්යාල නිල මැදිරියේ සිට ජනතාවගේ ප‍්‍රශ්න ගණනාවකට ක්ෂණික විසඳුම් ලබාදීමට ද ජනාධිපතිතුමා පියවර ගනු ලැබීය.

    පාසල් පන්සීයකට වැඩි සංඛ්‍යාවක් සඳහා පාසල් උපකරණ ප‍්‍රදානය, පාසල් දරුවන්ට ලැප්ටොප් පරිගණක ප‍්‍රදානය ඇතුළු වැඩසටහන් රැසක් සඳහා ද ජනාධිපතිතුමා එක් විය.

    අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා සහ ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා ඇතුළු මැති ඇමතිවරු රැසක් ද, පොලිස්පති ඇතුළු ආරක්ෂක අංශ ඉහළ නිලධාරින්, අමාත්‍යාංශ ලේකම්වරු, දෙපාර්තමේන්තු ප‍්‍රධානින් ඇතුළු රාජ්‍ය නිළධාරින් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya