ජනවාරි 09, 2025
tami eng youtube  twitter facebook

    රාජ්‍ය ආයතන තුළ සාමය කඩවීමට ඉඩ නොතබන්නැයි ජනපති වෘත්තීය සමිති නියෝජිතයන්ගෙන් ඉල්ලයි.

    ඔක්තෝබර් 30, 2018

    රාජ්‍ය ආයතන තුළ ගැටුම්කාරී තත්ත්වයකට ඉඩ නොතබා සාමය ආරක්ෂා කර ගැනීමට කැපවන ලෙස ජනාධිපතිතුමා වෘත්තීය සමිති නියෝජිතයන්ගෙන් ඉල්ලයි.

    ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මෙම ඉල්ලීම සිදු කළේ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහ පොදු ජන එක්සත් පෙරමුණේ වෘත්තීය සමිති නියෝජිතයන් සමග අද (30) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී පැවති හමුවකදී ය.

    පසුගිය දිනවල රාජ්‍ය ආයතන කිහිපයක් තුළ ඇති වූ සිදුවීම් පෙන්වාදුන් ජනාධිපතිතුමා ජාත්‍යන්තර වශයෙන් රටට අපකීර්තියක් ගෙනදීමට එජාපය ප‍්‍රමුඛ ඇතැම් දේශපාලන පක්ෂ කටයුතු කරන තත්ත්වයක් තුළ සියලු රාජ්‍ය ආයතනවල සාමය පවත්වාගෙන යමින් රජයට අවශ්‍ය සහයෝගය ලබාදෙන ලෙස වෘත්තීය සමිති නියෝජිතයන්ගෙන් ඉල්ලා සිටියේ ය.

    ඒ අනුව රාජ්‍ය ආයතන තුළ ප‍්‍රචණ්ඩත්වයට කිසිදු ඉඩක් නොතැබීම වෘත්තීය සමිති නියෝජිතයන්ගේ වගකීම බව ද ජනාධිපතිතුමා වැඩිදුරටත් පෙන්වා දුන්නේ ය.

    මෙහිදී අදහස් දැක්වූ වෘත්තීය සමිති නියෝජිතයන් පෙන්වා දුන්නේ නව රජයේ ඉදිරි වැඩ කටයුතු වෙනුවෙන් තම පූර්ණ සහය පළ කරන බවයි.

    අමාත්‍ය මහින්ද අමරවීර, ගාමිණි ලොකුගේ, මහින්දානන්ද අලුත්ගමගේ යන මහත්වරුන් ඇතුළු පිරිසක් ද මෙම හමුවට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya

    Please publish modules in offcanvas position.