රට වෙනුවෙන් එකට සිටිමු ව්‍යාපෘතිය වෙනුවෙන් කල්පිටිය ප්‍රාද්ශීය ලේකම් කාර්යාලය සංවිධානය කළ වැඩසටහනට විදේශීය සංචාරකයින් ද එක්වෙති
ශ්‍රී ලාංකාවේ මුහුදු තීරය වර්තමානයේ මුහුණදී තිබෙන බරපතළ පාරිසරික ගැටලුවක් ලෙස හඳුනාගෙන ඇති කඩොලාන විනාශ කිරීමේ ගැටලුවට කල්පිටිය මුහුදු තීරය ද මුහුණ දී සිටී. දිවයිනේ සංචාරක කලාපයන් අතර ආකර්ශණීය සංචාරක කේන්ද්‍රස්ථානයක්
වන කල්පිටිය මුහුදු තීරයේ පාරිසරික ආරක්ෂාවත්, අලංකරණයත් උදෙසා කඩොලාන වගාකිරීමේ ව්‍යාපෘතියක් රට වෙනුවෙන් එකට සිටිමු ජාතික සංවර්ධන වැඩ සටහන යටතේ කල්පිටිය ප්‍රාෙද්ශීය ලේකම් කාර්යාලය වනජීවී දෙපාර්තමේන්තුව එක්ව සංවිධානය කළ විශේෂ ව්‍යාපෘතිය අද (21) පෙරවරුවේ කල්පිටිය මුහුදු තීරයේදී පැවැත්විණි.
මෙම කඩොලාන සිටිවීම සඳහා විදේශ සංචාරකයන් ද පිරිසක් එක්වීම ද විශේෂයක්. ප්‍රදේශවාසී ජනතාව මෙන්ම නාවික හමුදාවේ ද සහයෝගයෙන් කල්පිටිය ප්‍රාෙද්ශීය ලේකම් කාර්යාලය මෙම වැඩසටහන සංවිධානය කරමින් කඩොලාන ආරක්ෂා කර ගැනීමේ වැදගත්කම පිළිබද ප්‍රදේශවාසීන් දැනුවත් කෙරිණි.
රජයේ විශේෂ අනුග්‍රහය මත ඉදිරියේ දී සංචාරක ව්‍යාපාරය දියුණු කිරීමේ වැඩසටහනට අනුව කල්පිටිය සංචාරක විශේෂ කලාපයක් වන බැවින් එය සුන්දර මුහුදු තීරයක් බවට පත්කර ගැනීම පිළිබඳව ප්‍රාෙද්ශීය ලේකම් කාර්යාලය, පරිසර අමාත්‍යාංශය, වනජීවී දෙපාර්තමේන්තුව එක්ව රට වෙනුවෙන් එකට සිටිමු ජාතික වැඩසටහනහට එක් වෙමින් මෙම සතිය පුරා තවත් මෙවැනි කඩොලාන රෝපණය කිරීමේ ව්‍යාපෘති රැසක් ක්‍රියාවට නගා ඇති බව කල්පිටිය ප්‍රාදේශීය ලේකම් නන්දන සෝමතිලක මහතා මෙහිදී අවධාරණය කළා.
දිස්ත්‍රික් මාධ්‍ය මධ්‍යස්ථානය
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව