ජනවාරි 09, 2025
tami eng youtube  twitter facebook

    සිව් වසරක යුග මෙහෙවර....!

    ජනවාරි 08, 2019

    ''මෛත්‍රී පාලනයක් ස්ථවර රටක්''- ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති ධූරයට පත්ව මෙම ජනවාරි 08 වනදාට සිවු වසරක් සැපිරෙයි!

    ශ්‍රී ලංකා ඉතිහාසයේ දේශපාලන හැරවුම් ලක්ෂ ගනාවක් සිදුව තිබේ. ශ්‍රී ලංකාවේ ජනවාරි 08 දින ද එවැනි සුවිශේෂී හැරවුම් ලක්ෂයකි. ජනවාරි 08 නිහඩ සහ සාමකාමී විප්ලවයයක් සිදු වූ ඓතිහාසික දිනයක් ලෙස ද ඇතැම් දේශපාලන විචාරයන් හඳුන්වයි.

    ව්‍යවස්ථාමය, සමාජමය, ආර්ථිකමය සහ යුදමය යන සෑම ක්ෂේත්‍රයක් තුළම සමතුලිතයන් ගිළිහී යන අවධියක සමාජය තුළ කැකැරෙමින් තිබූ නව නිදහස් මතවාදී බල අවශ්‍යතාව පිට කරන්නේ ද ජනවාරි 08 දිනය. එය ''මෛත්‍රී පාලනයක් ස්ථාවර රටක්'' ගොඩනැඟීමේ ප්‍රථම ජනතා විප්ලවයක් මිස අනෙකක් නොවේ. සමහරකු එයට දේදුනු විප්ලවය යැයි ආදර නමක් ද පට බැන්දේ, එය අවිහිංසාවේ විප්ලවයක් ද වූ බැවිනි.

    ජනවාරි 08 දිනෙන් ඇරඹූ සමාජ සාධරණකරණය, ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන්, නීතියේ පාලනය, රාජ්‍ය යන්ත්‍රණය ස්වාධීන කිරීම යන ඉලක්ක සපුරා ගැනීමට පුරවැසියන් මූලික කරගත් ජනතා වැඩසටහනක් වෙත ජනාධිපතිතුමාගේ නායකත්වයෙන් ජනතාවාදී වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කළේ ය.ලෝකයෙන් ශ්‍රී ලංකාව කොන් වී සිටින අවධියක මානවවාදී ඇසකින් යළිත් රට දෙස බැලීමට අවශ්‍ය පසුබිම නිර්මාණය කිරීමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ පාලනය සමත් විය.

    දූෂණයට විරුද්ධව නිරන්තර අරඟලයක ජනතාවගේ අයිතීන් වෙනුවෙන් ජනාධිපතිතුමා ගෙන යන සටන තවමත් අවසන් නැත. යහපත් සමජයක් කරා සමස්ත රට, නිවහල් ජාතියක් ලෙස මෙහෙයවීමට ජනාධිපතිතුමා නයාකත්වය ගෙන තිබේ.

    ජනවාරි විප්ලවයේ විශාලතම දේශපාලන ශක්තිය වූයේ මෛත්‍රීපාල සිරිසේන සහ රනිල් වික්‍රමසිංහ සංයෝගයයි. පසමිතුරු දේශපාලන ධාරාවන් දෙකක ජනතාවාදී සම්මුතියක් ලෙස එකතු වන්නේ දේශපාලන ගමන් මඟ නව මඟකට යොමු කරමිනි.

    සමාජ, ආර්ථික, දේශපාලන, සංස්කෘතික,ආගමික වශයෙන් සමජය තුළ ස්ථවර වටපිටාවක් ඇති කිරීම සඳහා ජනාධිපතිතුමාගේ නායකත්වයෙන් සුවිශාල වැඩසටහන් රැසක් ක්‍රියාවට නැංවිය. මොරගහකන්ද, කළු ගග වැනි යෝධ වරි කර්මාන්ත රටට දායාද කර කෙත් බිම් සරු සාර කරවීමට එතුමාගේ නායකත්වය ඉවහල් විය.

    රට දැය ආගම සඳහා ජාතියක් සුරක්ෂිත කරන අතර, බෞද්ධ සංස්කෘතියට පමණක් නොව අනෙකුත් ආගම්වලට ද සියලු අයිතීන් ලබාදෙමින් එතුමා යහපත් සමාජයකට අධිතාලම දැමීමට කටයුතු කරමින් සිටියි.බෞද්ධයන්ගේ අති මහත් ගෞරවයට පාත්‍ර වූ උතුම් ත්‍රිපිටකය ජතික උරුමයක් බවට පත් කර ප්‍රකාශ කිරීමට ජනාධිපතිතුමා පසුගිය දා  කටයුතු කළේ ය.

    දූෂණයත්,නාස්තියත් පිටු දකින යහපත් සමාජයක් වෙනුවෙන් ගෙවී ගිය සිව් වසර බොහෝ අත්දැකීම්, සාධණීය පියවර රාශියක් අපට ඉතිරි කර තිබේ. මානව අයිතීන් පිළිබඳව නැවත මෙනෙහි කරමින් ජනතාවට තොරතුරු දැනගැනීමේ අයිතිය ද සුරක්ෂිත කර දීමට ජනාධිපතිතුමා කටයුතු කළේ ය.

    සිව් වසරක් අවසන එළැඹෙන්නේ ලැබූ ජයග්‍රහණ තවදුරටත් ස්ථීර ලෙස පවත්වාගෙන, රට ස්ථාවරත්වයට පත් කරගැනීමට සියලු පුරවැසියන් එකතු වී කටයුතු කිරීමේ යුගයයි. ඒ සඳහා නිවහල් ජාතියක් ගොඩනැගීමට, ''ස්ථාවර රටක්''  වෙනුවෙන්  සෘජු නායකත්වයක් රටට පහල වී තිබෙන බව නම් නොරහසකි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya