ජනවාරි 09, 2025
tami eng youtube  twitter facebook

    වර්ජනයෙන් බලපෑමක් නෑ- සේවයට වාර්තා කරන්න

    මැයි 27, 2015

    A mahipalaකණිෂ්ඨ කාර්යමණ්ඩල විසින් ගෙන යන වර්ජනය හේතුවෙන් රෝහල් කටයුතු වලට බලපැමක් සිදුව නොමැති බවත් නැවත රෝහල්වල සේවා සඳහා වාර්තා කරන ලෙස වර්ජනයේ යෙදී සිටින සියලු සෞඛ්‍ය සේවකයින්ගෙන් ඉල්ලා සිටින බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය පාලිත මහීපාල මහතා ප්‍රකාශ කළේ ය.

    බාහිර රෝගී අංශ,සායන, ශෛල්‍ය කර්ම කටයුතු නිසි පරිදි සිදු වන බවත් රෝහල්වල කටයුතු සඳහා ත්‍රිවිධ හමුදාවේ සහ සිවිල් ආරක්ෂක සාමාජිකයන්ගේ  සහය ලැබෙන බවත් වෛද්‍ය පාලිත මහීපාල මහතා පැවසී ය.

     

    සෞඛ්‍ය අමාත්‍යාංශයේ වගකීම ජනතාවට ගුණාත්මක සෞඛ්‍ය සේවයක් ලබාදීමයි. වර්ජනයෙන් එතරම් බලපෑමක් නෑ. කෙසේ වෙතත් වර්ජනයේ නියුතු කණ්ඩායම් වෙනුවෙන් පසුගිය දා සාකච්ඡාවක් පැවැත්වූවා. ඒ අනුව ඔවුන් වෙනුවෙන් ජුනි මස 01 දින සිට රුපියල් 1000ක දීමනාවක් ලබාදීමට එකඟ වුණා. සෞඛ්‍ය අමාත්‍යාංශය විදියට ඉල්ලීම සඳහා යහපත් ප්‍රතිචාර ලබා දී තිබෙන බවද වෛද්‍ය පාලිත මහීපාල මහතා පැවසී ය.

     

    සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා මේ බව ප්‍රකාශ කළේ අද (27) වසංගත රෝග විද්‍යා ඒකකයේ පැවැති මාධ්‍ය හමුවකට සහභාගී වෙමිනි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya