රටවල් 185ක සහභාගීත්වයෙන් පැවැත්වෙන මෙම සම්මේලනයට ශ්රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වන කම්කරු අමාත්යවරයා, මෙරට ක්රියාත්මක සමාජ ආරක්ෂණ ක්රමවේද සම්බන්ධයෙන් මෙන් ම කුඩා කර්මාන්තවල සේවය කරන සේවක සේවිකාවන්ගේ වැටුප් සම්බන්ධයෙන් මහ සමුළුව අමතා විශේෂ දේශනයක් පැවැත්වීමට නියමිත බව කම්කරු අමාත්යාංශය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි.
කම්කරු අමාත්ය එස්.බී. නාවින්න මහතා ඊයේ (28) දිවයිනෙන් පිටත්ව ගොස් තිබේ.

ජාත්යන්තර කම්කරු සංවිධානයේ වාර්ෂික සම්මේලනයට සහභාගීවීම සඳහා කම්කරු අමාත්ය එස්.බී. නාවින්න මහතා ජිනීවා නුවර බලා පිටත් වූ බව කම්කරු සහ කම්කරු සබඳතා අමාත්යාංශය පවසයි.

















