ජනවාරි 10, 2025
tami eng youtube  twitter facebook

    ලෝක පරිසර දිනයට සමගාමීව පරිසර වැඩසටහන් රැසක්

    ජූනි 05, 2015

    a parisara niyamuශ්‍රී ලංකාවේ පළාත් අටක එක් පළාතකින් පරිසර නියමුවන් 100ක් සම්බන්ධකරගනිමින් පරිසර දින සැමරුම් වැඩසටහනක් පැවැත්වීමට මධ්‍යම පරිසර අධිකාරිය බලාපොරොත්තු වෙයි.

     
    ඒ අනුව ලෝක පරිසර දින ජාතික උත්සවයට සමගාමීව පොළොන්නරුව දිස්ත්‍රික්කයේ විශේෂ වැඩසටහන් රාශියක් ක්‍රියාත්මක කෙරේ.
     
    ලෝක පරිසර දිනය නිමිත්තෙන් රුක් රෝපණ වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලෙස මධ්‍යම පරිසර අධිකාරිය  සියලු දිස්ත්‍රික් කාර්යාල වෙත උපදෙස් ලබා දී ඇත.
     
    මීට අමතරව මධ්‍යම පරිසර අධිකාරිය යටතේ පාලනය වන  බෙල්ලන්විල අත්තිඩිය සොබාකෙත මධ්‍යස්ථානයෙන් ලෝක පරිසර දින සැමරුමට සමගාමීව පාසල් සිසුන්ගේ චිත්‍ර තරඟයක් පැවැත්වීමට සැලසුම් කොට ඇත.පරිසර හිතකාමී චර්යාධර්ම පද්ධතියක් තුළින් පරිසර සංරක්ෂණ පණිවුඩය සමාජගත කිරීම සඳහා මෙම චිත්‍ර නිර්මාණ තරඟ පැවැත්වෙන බව මධ්‍යම පරිසර අධිකාරිය පවසයි.
     
    මෙම වැඩසටහන යටතේ  රුක් රෝපණ වැඩසටහන්,ඔසු උයන් වගාවන්, වන වගාවන්,කසළ කළමනාකරණය වැඩසටහන් ක්‍රියාත්මක කෙරේ.මේ සියලු වැඩසටහන් මධ්‍යම පරිසර අධිකාරියේ අධීක්ෂණය යටතේ සිදු කෙරේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya